අධි සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා තාවකාලික අනුමැතිය
2022-08-17 16:33:11
Share with:

අධි සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත තාවකාලිකව අනුමැතිය ලබා දුන් බව, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 286ක සහ පුනරීන් ප්‍රදේශයේ මෙගාවොට් 234ක සුළං බල ව්‍යාපෘති 2ක් සඳහා මෙලෙස අනුමැතිය ලබා දී තිබේ.  පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹුණු බව ද අමාත්‍යවරයා කියාසිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම