චීනයේ සුළුජාතික මානව හිමිකම් සුරැකීමේ ප්‍රශස්තම අවදිය වර්තමානයේ උදාවී ඇත
2022-08-17 17:19:58
Share with:

චීනයේ සුළුජාතිකයන්ගේ මානව හිමිකම් ඉතිහාසයේ යහපත්ම අවදිය,  වර්තමානයේ උදා වී ඇතැයි චීනය පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව අද(17) පැවැත්වූ මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කෙරිණ.චීන ජනවාර්ගික කටයුතු කමිටුවේ හා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නිලධාරීහු නව යුගයේ චීනයේ ජාතික සමගිය නැංවීමේ පියවර හා ලද ජයග්‍රහණ පිළිබඳව එහිදී විස්තර කළහ.

චීන ජනවාර්ගික කටයුතු කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Zhao Yong මහතා මෙහිදී පැවසුවේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීමෙන් පසු චීනයේ ජාතික සමගිය දියුණු කිරීමේ කටයුතු ඓතිහාසික ජයග්‍රහණ ලබා ඇති බවයි.චීනයේ සුළු ජාතිකයන්ගේ මානව හිමිකම් සුරැකීමේ තත්ත්වය, ඉතිහාසයේ යහපත්ම අවදියක පවතින බව ද ඔහු පෙන්වාදෙයි. සුළු ජාතිකයන් වෙසෙන ප්‍රදේශවල මිලියන 31.21 ක, දිළිඳුකමෙන් පෙළුණු ජනතාව දරිද්‍රතාවයෙන් සම්පූර්ණයෙන්  මුදාගෙන ඇති අතර, අදාළ ප්‍රදේශවල නාගරික හා ග්‍රාමීය වැසියන්ගේ සාමාන්‍ය ආදායම වෙන් වෙන්ව වාර්ෂිකව සියයට 7.7කින් හා 10.2කින් ඉහළ ගොස් ඇත. ගතවූ වසර 10 තුළ ටිබෙට් ස්වායත්ත ජනතාවගේ අපේක්ෂිත ආයුකාලය වසර 4කින් වැඩි වූ බවද Zhao Yong මහතා එහිදී සඳහන් කළේය. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම