චීන ඇතුළු මොන්ගෝලියා ස්වායත්තයේ හින්ගාන් ලීගයේ කලාපීය සන්නාමය එළිදැක්වේ
2022-08-17 16:10:50
Share with:

උතුරු චීනයේ ඇතුළු මොන්ගෝලියා ස්වායත්තයේ චීන කොමියුනිස්ට් පක්ෂ කමිටුව හා හින්ගාන් ලීගයේ පරිපාලන කාර්යාලය චීන සංනිවේදන විශ්ව විද්‍යාලය හා සම්බන්ධ වෙමින් කලාපීය සන්නාමයක් එළිදක්වයි.තුන් අවුරුදු සංනිවේදන සැලැස්ම පසුගිය 15 වෙනිදා එළි දැක්විණ.

එහි ප්‍රධාන දෘශ්‍යකරණ උපාය මාර්ගයේ ප්‍රවේශයත් සමග , කෘෂිකාර්මික හා සත්ව පාලන නිෂ්පාදනවල කලාපීය පොදු වෙළඳ නාමය, කලාපීය පොදු වෙළඳ නාම තේමා පාඨ‍ය, සංස්කෘතික හා සංචාරක ප්‍රවර්ධන පිටපත සමඟින් හින්ගාන් ලීගයේ කලාපීය ප්‍රතිරූපය හැඩගැස්සවීමේ නව පරිච්ඡේදයක් ආරම්භ කෙරෙන බව කලාපීය සන්නාම මූලාරම්භකයා වන Ding Junjie  මහතා පවසයි. 

සංකල්පයක් ලෙසට “කලාපීය සන්නාමය” අධ්‍යයන නව සංකල්පයක් පමණක් නොව කලාපීය ප්‍රචාරක හා ප්‍රවර්ධනය සඳහා වැදගත් ව්‍යාපාරික කාඩ් පතක් ලෙසටත් හැදින්විය හැකිය.කලාපීය තරගකාරීත්ව සංවර්ධනය තවදුරටත් ඉහළ නැංවීමට එය උපකාරී වනු ඇති බව ජාතික දැන්වීම් ආයතනයේ සභාපතිවරයා ද වන Ding Junjie  මහතා සඳහන් කළේය. හින්ගාන් ලීග කලාපීය සන්නාමය මගින් චීන ජාතික ආර්ථික ව්‍යුහයේ තත්වයන් පිළිබිඹු කෙරෙන අතර ජනතාව කේන්ද්‍ර කර ගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ දර්ශනය ද ඉන් විදහා දැක්වෙන බව චීන දැන්වීම් සංගමයේ සභාපති Zhang Guohua මහතා සඳහන් කළේ ය.

කලාපීය සන්නාමය නිකුත් කිරීම ජනතාවගේ  ජීවනෝපාය හ සබැඳි ව්‍යාපෘතියක් බව චීන සංනිවේදන විශ්ව විද්‍යාලයේ කලා ආයතනයේ පක්ෂ ලේකම් Liu Jingjing මහත්මිය එහිදී පැවසුවාය. එය දරිද්‍රතාවය පිටුදැකීමේ සිට ග්‍රාමීය පුනර්ජීවනය දක්වා හින්ගාන් ලීගයේ මිලියන 1.62 ක ජනතාවගේ පොදු අපේක්ෂාව නියෝජනය කිරීමක් බව ද ඇය කීවාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම