මීට වසරකට පෙර ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් විය. ඒ වසර 20ක් පුරාවට ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමෙන් අනතුරව ය. ඇමරිකාව ඇෆ්ගනිස්ථානයෙන් සිය හමුදා ඉවත් කළ ද එරටට හිංසා පීඩා කිරීම නතර කර නොමැත.
ඇමරිකාව ඇෆ්ගනිස්ථානයට ආර්ථික සම්බාධක පැනවීමෙන් එරට මුහුණ දී සිටින තත්ත්වය තවත් උග්‍ර කර තිබේ.ඇෆ්ගන් ජනතාවගෙන් 98%ක් ආහාරපාන සපයා ගැනීමේ ගැටළුවලට මුහුණ දෙන බව ලෝක ආහාර වැඩසටහන සඳහන් කර ඇත. ඇෆ්ගන් මධ්‍යම බැංකුවේ ඇමරිකානු ඩොලර් බිලියන 7ක පමණ වත්කම් ඇමරිකාව විසින් අවහිර කරනු ලැබ තිබේ.ඉන් ඇෆ්ගනිස්ථානයට දැඩි දුෂ්කරතා එල්ල වී තිබේ. පසුගිය මාසය අවසානයේ ත්‍රස්ත මර්දනය බව පවසමින් ඇමරිකාව ඩ්‍රෝන යානාවලින් කාබුල් නගරයට ප්‍රහාර එල්ල කළේ ය. එම ක්‍රියාව ජාත්‍යන්තර නීති හා ඇෆ්ගනිස්ථාන ස්වාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් බවත්, එසේ කිරීමෙන් ඇමරිකාව සිය ආධිපත්‍යය ප්‍රදර්ශනය කරමින් ඇෆ්ගනිස්ථාන කටයුතුවලට අඛණ්ඩව මැදිහත් වීම පෙන්වන බවත්, දේශපාලන විශ්ලේෂකයන් ගේ මතය වී ඇත.
ඇෆ්ගන් ප්‍රශ්නය ඇති කළේ ඇමරිකාවය. එම ප්‍රශ්නය තව තවත් උග්‍ර කළේත් ඇමරිකාවය. ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වුව ද එම ප්‍රශ්නය නිමාවට පත් වී නොමැත. ඇෆ්ගන් ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇමරිකාව කළ යුතු දේ බොහෝ ය. සිය ආක්‍රමණය වෙනුවෙන් ඇෆ්ගනිස්ථානයෙන් සමාව ඉල්ලීම, ඇෆ්ගනිස්ථානයට අයත් වත්කම් අවහිර නොකර වහාම ආපසු ලබා දීම, සිය ආක්‍රමණ හේතුවෙන ඇෆ්ගනිස්ථානයට සිදු කළ අලාභ හානි සඳහා වන්දි ගෙවීම ඒ අතර ප්‍රධාන ය. ඊට වඩාත් වැදගත් වන තවත් දෙයක් තිබේ. ඒ, යුද්ධ මෙහෙයුම් මගින් සෙසු රටවලට හිංසා පීඩා කිරීමේ පුරුද්ද අත්හැර දැමීමය .