චීන මාධ්‍ය සමූහය හා මැකෞ විශේෂ පරිපාලන කලාපය අතර නව සහයෝගිතා
2022-08-16 16:16:30
Share with:

චීන මාධ්‍ය සමූහය හා මැකෞ විශේෂ පරිපාලන කලාපය අතර නව වටයේ සහයෝගිතා ආරම්භ වෙයි. අදාළ සමාරම්භක උත්සව, ඊයේ (15) බෙයිජිං හා මැකෞහිදී සමගාමීව පැවැත්විණ‍.

මැකෞ විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක Ho Iat-seng, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයිෂියොන්ග් සහ මැකෞහි මධ්‍යම මහජන රජයේ සම්බන්ධතා කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙන් සිංචොන් යන මහත්වරු එම උත්සවවලදී දේශන පැවැත්වූහ.

චීන මාධ්‍ය සමූහය අඛණ්ඩව “චින්තනය + කලාව + තාක්ෂණය” අතර ඒකාබද්ධ නවෝත්පාදනය හා ද්විපාර්ශ්වික සහයෝගිතා පුළුල් කරන බව  ශෙන් හයිෂියොන්ග් මහතා එහිදී පැවසීය. “විකාශය කෙරෙන නිර්මාණ සියල්ලම විශිෂ්ට වීමේ” ජයග්‍රහණ ඔස්සේ වඩා ශක්තිමත් හා ඵලදායීව මධ්‍යම රජයේ හඬ පතුරමින්, මැකෞ විශේෂ පරිපාලන කලාපයේ සමෘද්ධිය නිසිලෙස දක්වන බව ද හෙතෙම කියා සිටියේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම