චීන ආර්ථිකය අඛණ්ඩ ප්‍රකෘති මට්ටමක
2022-08-16 10:33:39
Share with:

ඊයේ(15) පැවති චීන ජාතික ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී බොහෝ දෙනෙකුට “චීන ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබේ”යන වාක්‍යය අසන්නට ලැබිණ. මෙම කියමන චීන ආර්ථිකය කෙරෙහි ලෝකයට තවදුරටත් විශ්වාසයක් ගෙන දී තිබේ.

චීනයේ නිල දත්ත වලට අනුව,  වසරේ මුල් භාගයේ දී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 2.5% කින් වර්ධනය වී ඇත. ජූලි මාසයේදී, ජාත්‍යන්තර පරිසරය වඩාත් සංකීර්ණ හා දරුණු වීම, ලෝක ආර්ථික ප්‍රකෘතියේ මන්දගාමීත්වය, චීන දේශීය වසංගත පැතිරීම සහ අධික උෂ්ණත්වය හා වර්ෂාව යන අහිතකර සාධක සමඟ, චීන ආර්ථිකය අඛණ්ඩව ස්ථීර වර්ධනයක පැවතීම ඉන් පිළිබිඹු වෙයි. එය සැබැවින්ම සාක්ෂාත් කිරීමට පහසු ඉලක්කයක් නොවේ.

වසංගත වැළැක්වීම හා පාලනය කිරීම සහ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා විවිධ ප්‍රතිපත්ති කාර්යක්ෂම සම්බන්ධීකරණය කිරීමෙන් චීන ආර්ථිකයේ අඛණ්ඩ ප්‍රකෘතිය දක්නට  ඇත.

මෙම වසරේ මැයි මාසයේදී චීන රජය මූල්‍ය ප්‍රතිපත්ති, මුදල් හා මූල්‍ය ප්‍රතිපත්තිය, ආයෝජන ස්ථාවර කර පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම, ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව සහතික කිරීම, කාර්මික හා සැපයුම් දාමවල ස්ථායිතාව සහතික කිරීම සහ මූලික ජීවනෝපාය සහතික කිරීම ඇතුළු ක්ෂේත්‍ර හයක් සඳහා ප්‍රතිපත්ති හා පියවර 33ක් දියත් කළේය. විවිධ ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමත් සමඟ චීන ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.

මේ වන විට ලෝක ආර්ථිකය සක්‍රිය නොවීමේ අවදානම ඉහළ යමින් පවතින අතර චීන ආර්ථිකය බොහෝ දුෂ්කරතා සහ අභියෝගවලට මුහුණ දෙමින් සිටින නමුත් චීනයේ දිගුකාලීන ආර්ථික වර්ධනයේ මූලික තත්වය වෙනස් වී නොමැත. ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග මාලාවක ක්‍රියාකාරීත්වය යටතේ, යථා තත්ත්වයට පත්වෙමින් වැඩිදියුණු වන චීන ආර්ථිකය, ලෝක ආර්ථිකයට වැඩි විශ්වාසයක් සහ ශක්තියක් ගෙන දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම