ග්‍රාමීය ජනතාව දරිද්‍රතාවයෙන් මුදාගැනීමේ වැඩසටහන්වල විශිෂ්ට ප්‍රගතියක්
2022-08-16 15:48:37
Share with:

2014 වසරේ සිට චීනයේ දරිද්‍රතාවට බලපා ඇති ප්‍රධාන හේතු 10 කින්, රෝගාබාධ පළමු ස්ථානයක පවතිනවා. එය දරිද්‍රතාවය සඳහා බලපාන ප්‍රධානතම හා ප්‍රබල හේතු වලින් එකක්.

දරිද්‍රතාව සඳහා බලපාන ප්‍රධාන හේතු තුරන් කිරීම සඳහා, චීනයේ ප්‍රධාන නාගරික  රෝහල් 1,007 ක වෛද්‍ය සේවකයන්, ලක්ෂ 1.18කට වැඩි වාර ගණනක් දිළිඳු කෝරළයන්හි පිහිටි රෝහල් 1,172කට යොමු කෙරුණා. මේ යටතේ, ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු වෛද්‍ය නිපුණතාවන්, තාක්‍ෂණය හා අත්දැකීම් යන සම්පත් දිළිඳු ප්‍රදේශවලට අඛණ්ඩව යොමු කළ හැකිවීම සුවිශේෂයි.

මෙම වැඩසටහන නිසා, Li Wenbin නම් සාමාන්‍ය ගම්වැසියෙකුගේ ජීවිතය වෙනස් වූ අයුරු ඔබට කියන්නම්. ඔහු ජීවත් වන Xilin කෝරළය, චීනයේ Guangxi Zhuang ස්වායත්තයේ පිහිටි දිළිඳු ප්‍රදේශයක් වුණා. 2017 වසරේ 26 හැවිරිදි ව සිටි ඔහුට උරහිසේ හටගත් දරුණු වේදනාවක් හේතුවෙන් ඇඳට නැගීමට පවා නොහැකි වුණා.දරිද්‍රතාව පිටුදැකීමේ සමීක්ෂණ නිලධාරීන් ඔහුගේ නිවසට පැමිණ ඔහුගේ තත්ත්වය සටහන් කරගත්තා.ඉන්පසු ඔහුගේ තොරතුරු චීනයේ ජාතික දරිද්‍රතාව පිටුදැකීමේ හා සංවර්ධන තොරතුරු පද්ධතියට ඇතුළත් කෙරුණා. රෝගාබාධ නිසා දිළිඳුභාවයට පත්වූ පවුල් දහස් ගණනක තොරතුරු සමග අදාළ තොරතුරු නිවැරදිව ජාතික සෞඛ්‍ය කොමිසම වෙත යොමුකරනු ලැබුවා.

 2017 වසරේ රජයේ සහය ඇති ව, බරපතල රෝග සඳහා වන සහන මුදල් ලබාගනිමින් ඔහුට ශල්‍යකර්මයක් සිදුකළ හැකිවුණා. සම්පූර්ණයෙන් සුවය ලැබූ ඔහුට දැන් සාමාන්‍ය පරිදි ජීවිතය ගත කළ හැකි වී තිබෙනවා.

Li Wenbin වැනි ගම්වැසියන්ගේ ශාරීරික තත්ත්වය, වාර්ෂික ආදායම සහ දරිද්‍රතාවෙන් මිදීමෙන් පසු ජීවිතය පිළිබඳව නිවැරදි දත්ත සටහන් කෙරුණා. ඒ සමගම චීනයේ දිළිඳුකම පිටුදැකීමේ ඉතිහාසයේ පළමු වතාවට දිළිඳු පවුල් පිළිබඳ දත්ත ගබඩාවක් ස්ථාපිත කෙරුණා. 2014 වසරේ සිට, දත්ත ගබඩාව මිලියන 90 කට ආසන්න දිළිඳු ජනගහණය පිළිබඳ තොරතුරු බිලියන 22.8 ක් එකතු කර තිබෙනවා. විශාල දත්ත අනුව රටේ දරිද්‍රතාවෙන් පෙළෙන ඕනෑම පවුලක් හඳුනාගත හැකියි. ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය තත්ත්ව, වාර්ෂික ආදායම මෙන්ම දරිද්‍රතාවෙන් මිදීමෙන් පසු ජීවිතය කෙසේ ද යන තොරතුරු පිළිබඳ අවබෝධයක් එහිදී ලබාගත හැකිවනවා.

වර්තමාන ප්‍රමිතීන්ට අනුව, චීනයේ මිලියන 98.99 ක ග්‍රාමීය දිළිඳු ජනතාව දරිද්‍රතාවෙන් මුදාගෙන තිබෙනවා. ඊට හේතුවන්නේ ඉලක්කගතව, නිසියාකාරයෙන් දරිද්‍රතාවය පිටුදැකීම සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි.


ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම