චීනයේ යළි පදිංචි කිරීමේ වැඩසටහන් මගින් දැවැන්ත සමාජ පරිවර්තනයක්
2022-08-16 15:41:35
Share with:

චීනයේ දිළිඳුකම පිටුදැකීමේ සටනින් මිලියන 98.99 ක දුප්පතුන් නිරපේක්ෂ දරිද්‍රතාවයෙන් මුදාගෙන තිබේ. ඉන් ලක්ෂ 96කට වැඩි පිරිසක් යළි පදිංචි කිරීම් මගින් දරිද්‍රතාවයෙන් මුදාගැනීමට හැකි වීම කැපීපෙනේ. මෙය නව චීනය පිහිටුවීමෙන් පසු සිදු වූ වඩාත්ම පුළුල් හා වඩාත්ම ජනාකීර්ණ සංක්‍රමණික ස්ථානගත කිරීමයි. එම සංක්‍රමණයෙන් විශාල සමාජ විපර්යාසයක් සිදු විය.

නිරිතදිග චීනයේ යුනාන් පළාතේ ෆුගොං කෝරළයේ, නැවත පදිංචි කිරීමේ ස්ථාන 15ක් ඇත. ෆුගොං කෝරළයේ ගම්මානවලින් සමහරක් මුහුදු මට්ටමේ සිට මීටර් 1600 ක උන්නතාංශයක පිහිටා ඇති අතර, ඇතැම් ගම් ප්‍රදේශ මීටර් 2500 ක් පමණ උසින් පිහිටා තිබේ. 2018 දී ගම්වැසියෝ මේ කන්ද පාමුලට පැමිණ එහි පදිංචි වූහ. කෝරළයේ ජනගහණයෙන් පහෙන් එකකට සමාන වන 22000ක පිරිසක් වෙනත් ස්ථාන 15ක නැවත පදිංචි කර ඇත.

යුනාන් පළාත හැරුණු කොට, පසුගිය වසර 10 තුළ, මධ්‍යම හා බටහිර චීනයේ, උස් කඳුකර, දරුණු කාන්තාර, සානු සහ අධික සීතල සහිත ප්‍රදේශවල විසූ ජනතාව, මහා පරිමාණ දරිද්‍රතාව පිටුදැකීම සඳහා නැවත පදිංචි කර ඇත.

චීනය පුරා, මෙසේ යළි පදිංචි කිරීම් හේතුවෙන් මධ්‍යගත පදිංචි කිරීමේ ප්‍රදේශ 35000 ක් පමණ ගොඩනගා ඇති අතර, මිලියන 9.6 කට වැඩි දිළිඳු ජනතාවක් වෙනත් ස්ථානවලට සංක්‍රමණය කිරීමට එමගින් හැකිවිය. එය මධ්‍යම ප්‍රමාණයේ ජනගහණයක් සිටින රටක් නැවත පදිංචි කිරීමක් හා සමාන වේ.

පසුගිය වසර දහය තුළ, දරිද්‍රතාවයෙන් පෙළෙමින් සිටි අතිවිශාල පිරිසක් මැටි නිවාස හා ප්‍රාථමික ගොවිතැනට සමු දී නවීන හා සුන්දර ජීවිතයකට අභිමානයෙන් යුතුව පිය නගා ඇත.



ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම