මිලිටරිවාදයට සමාව දීමේ අනතුරුදායක ක්‍රියාවන් ජපානය නතර කළ යුතුයි
2022-08-16 10:50:12
Share with:

ජපානය දෙවන ලෝක යුද්ධයෙන් පරාජයට පත්වීම කොන්දේසි විරහිත ව ප්‍රකාශ කළ 77වැනි සංවත්සරය ඊයේ(15)ට යෙදී තිබිණ. ජපානයේ ඇතැම් දේශපාලනඥයන් චීන තායිවානය පිළිබඳ මාතෘකාවට පටහැණි ව සිදු කළ ක්‍රියාවන් ජගත් ප්‍රජාවේ කණස්සල්ලට ලක් වී ඇත. පසුගියදා  ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා නැන්සි පෙලොසි එකම චීනය ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීම, 170කට වැඩි රටවල් හා ජාත්‍යන්තර සංවිධාන රැසක හෙළාදැකීමට ලක් වී තිබේ. එහෙත්, ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida මහතා නැන්සි පෙලොසි හමුවූ අවස්ථාවේදී සඳහන් කළේ චීනය තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ක්‍රියාත්මක කළ යුදමය මෙහෙයුම් ‘ තම ජාතිකාරක්ෂාව ’ට පටහැණි බවයි. ‘ ජපානය හා ඇමරිකාව තායිවාන සමුද්‍ර සන්ධි දෙපෙස සාමය හා ස්ථායිතාව පොදුවේ සුරකින බවට ’ ද හෙතෙම  ‘ අධිෂ්ඨානයෙන් ’ ප්‍රකාශ කර තිබේ.

මෑත වසර වලදී, ජපානය සිය අභිමතය පරිදි ඊනියා ‘ ඉන්දු -පැසිෆික් ’ කලාප උපාය මාර්ගය වෙනුවෙන් ඉදිරිපත් වෙමින් සිටී. චීනයට බාධා කිරීම මෙන් ම චීනය හා ඇමරිකාව අතර පවතින භේද උග්‍ර කිරීම එරට යටි අරමුණයි. එමගින්, වාසි අත් කරගෙන තම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඉදිරියට මෙහෙයවමින් ඊනියා ‘ සාමාන්‍ය රටක් ’ බවට පරිවර්තනය කිරීමට අපේක්ෂා කෙරේ.

මිලිටරිවාදය ජපානයේ යළි ඉස්මතුවීමක් පෙනී යයි. මේ පිළිබඳව පසුගිය මැයි මාසයේ සිංගප්පූරු අග්‍රාමාත්‍ය Lee Hsien Loong මහතා ජපානයේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේදී අනතුරු ඇඟවූයේ ජපානය, සිය ඓතිහාසික ගැටළු විසඳිය යුත්තේ කෙසේද යන්න සිය සැලකිල්ලට ගත යුතු අතර, කලාපීය සාමකාමී සංවර්ධනය වෙනුවෙන් සක්‍රිය ලෙස පෙනී සිටිය යුතු බවයි.

සිය අසල්වැසි රටවලට එල්ල කළ හානි ජපාන දේශපාලනඥයන් අමතක නොකළ යුතු ය. මිලිටරිවාදයට සමාව දීමේ අනතුරුදායක ක්‍රියාවන් ජපානය නතර කළ යුතු ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම