චීන ආර්ථීකය අඛණ්ඩව ප්‍රකෘතිමත් වෙමින් පවතී
2022-08-15 16:40:24
Share with:

රැකියා නියුක්තිය හා භාණ්ඩ මිල සමස්ත වශයෙන් ස්ථාවර තත්ත්වයක පැවතීම හේතුවෙන් චීන ආර්ථීකය අඛණ්ඩව ප්‍රකෘතිමත් වෙමින් පවතී.

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ අද (15) පැවති මාධ්‍ය හමුවේදී චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු ප්‍රකාශක, ජාතික ආර්ථීක සංයුක්ති සංඛ්‍යාලේඛන කාර්යාලයේ අධ්‍යක්ෂ Fu Linghui මහතා මේ බව ප්‍රකාශ කළේය. ඉකුත් ජූලි මාසයේ, චීන ජාතික ආර්ථීකයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව හෙතෙම එහිදී විස්තර කළේය.

ගත වූ ජූලි මාසය තුළ, නිෂ්පාදනය සහ සැපයුම අඛණ්ඩව යථා තත්ත්වයට පත් වී, රැකියා හා භාණ්ඩ මිල සමස්ත වශයෙන් ස්ථාවර වෙමින් පැවතිණ. එසේම, විදේශ වෙළඳාම යහපත්ව වර්ධනය වෙමින් ජන ජීවිතය ශක්තිමත් වී, ආර්ථිකය අඛණ්ඩව ප්‍රකෘතිමත් වනු දැනිය හැකිය. එමෙන්ම, සමාජයේ පාරිභෝගික භාණ්ඩවල සමස්ත සිල්ලර විකුණුම් ප්‍රමාණය චීන යුආන් බිලියන 3,587 කි.එය පසුගිය වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව සියයට 2.7 ක වැඩිවීමකි. භාණ්ඩ ආනයනය සහ අපනයනය ප්‍රමාණය පසුගිය වසර හා සැඳීමේදී, සියයට 16.6% කින් වැඩි වී ඇත.ජාතික නාගරික සමීක්ෂණය වාර්තා අනුව, විරැකියා අනුපාතය 5.4% කි.එය පසුගිය ජූනි මාසයට වඩා සියයට 0.1 කින් අඩු වී ඇත.රැකියා නියුක්ති තත්ත්වය සමස්ත වශයෙන් ස්ථාවර වන අතර, නාගරික විරැකියා අනුපාතය අඛණ්ඩව පහත වැටෙමින් පවතින බවද චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු ප්‍රකාශක, ජාතික ආර්ථීක සංයුක්ති සංඛ්‍යාලේඛන කාර්යාල අධ්‍යක්ෂවරයා එහිදී  ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම