ඇමරිකානු කොංග්‍රස් සාමාජිකයන් චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීම කෙරෙහි චීනයේ දැඩි විරෝධය
2022-08-15 18:13:45
Share with:

Edward John Markey ඇතුළු ඇමරිකානු කොංග්‍රස් සාමාජිකයන් 5 දෙනෙකු ඊයේ (14) චීනයේ තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී යළිත් අවධාරණය කළේ, තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇමරිකාව විචක්ෂණශීලීව සහ නිසි ලෙස හැසිරිය යුතු බවයි. එකම චීනය මූලධර්මය උල්ලංඝනය කිරීම නතර කළ යුතු අතර, චීන-ඇමරිකානු සම්බන්ධතාව හා තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමයට තවදුරටත් හානි නොකළ යුතු බව ද හෙතෙම පැවසීය.

එම සංචාරය පිළිබඳව චීන ආරක්ෂක අමත්‍යංශ ප්‍රකාශක Wu Qian මහතා ද අද (15) අදහස් දක්වා තිබේ. චීන මහජන විමුක්ති හමුදාව දැඩි සීරුවෙන් තබා ඇත. චීනය සිය ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව නොසැලී ආරක්ෂා කරන අතර, බාහිර මැදිහත්වීම් සහ තායිවාන බෙදුම්වාදී කුමන්ත්‍රණ අධිෂ්ඨානශීලීව පරාජය කරන බව ද ඔහු පෙන්වාදී තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම