‘ජනතාවට නිල්වන් අහස, සුදෝසුදු වලාකුළු සහ දීප්තිමත් තාරකා ආපසු ලබාදෙන්නෙමු’-- චීන ජනපති
2022-08-15 20:26:57
Share with:

‘ජනතාවට නිල්වන් අහස, සුදෝසුදු වලාකුළු සහ බැබළෙන දීප්තිමත් තාරකා මණ්ඩල ආපසු ලබාදෙන්නෙමු’ යනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වරක් ප්‍රකාශ කර  තිබෙනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් අනතුරුව, කර්මාන්ත ව්‍යුහය සකස් කිරීම, පවිත්‍ර බලශක්ති සංවර්ධනය කිරීම හා විශේෂයෙන් සීත කාලයේ වායු දූෂණය පාලනය කිරීම වැනි ක්‍රියාමාර්ගවලින් මේ ප්‍රයත්නය සාර්ථක වුණා. දිනෙන් දින වැඩි වැඩියෙන් දිස්වූ නිල්වන් අහස, සුදෝසුදු  වලාකුළු හා දීප්තිමත් තාරකා මණ්ඩල ජනජීවිතයේ පරිපූර්ණ සතුටුදායකභාවය ඔප් නංවා තිබෙනවා.

උතුරු චීනයේ පිහිටි ‘Jinxi’ යකඩ වානේ සමාගම් සමූහය අනුගමනය කළ පියවර තුළින්, චීනය ජෛව පරිසර සුරැකුම් සටනින් ජයගත් අයුරු මනාව  විග්‍රහ කර ගත හැකියි.

 එම සමාගම් සමූහයේ සෑම කම්හලකම, ඉතා සියුම් පරිසර අධීක්ෂණ හා ප්‍රතිචාර දැක්වීමේ පද්ධතියක් සවි කර තිබෙනවා. එහි කෝක් අඟුරු පාලන මධ්‍යස්ථානයක, අධෝරක්ත අධීක්ෂණ යන්ත්‍ර 10ක් සහ කෘත්‍රිම ජල බිංදු වෑස්සීමේ උපකරණ 2500ක් දෛනිකව පැය 24 පුරාම ක්‍රියාත්මක කෙරෙනවා. දූවිලි අංශු පැවතිය යුතු මට්ටම වැඩිවන අවස්ථාවක ස්‍වයංක්‍රීයව ජල බිංදු වෑස්සීමෙන් ඒ තත්ත්වය අඩු කෙරෙනවා. ඒ වගේම එහි බුද්ධිමය පාලන වේදිකාවෙන්, දූවිලි විමෝචන ස්ථාන 2619ක් පූර්ණ ලෙස අධීක්ෂණය කෙරෙනවා.

රටේ 13වැනි පස්අවුරුදු සැලැස්ම (2016--2020) තුළදී,  ‘Jinxi’ යකඩ වානේ සමාගම් සමූහය පිහිටි හෙබෙයි පළාතේ ප්‍රධාන වායු දූෂණ දර්ශකයක් වන pm2.5 හි ඝනත්වය, ඝන මීටරයට මෛක්‍රෝ ග්‍රෑම් 108ක සිට, 38.8 දක්වා අඩු වුණා. ඒ අතරම, එම පළාතේ බලශක්ති භාවිතය, පවිත්‍රකරණය හෝ හරිතකරණයට ලක්කර තිබෙනවා.  

ගෙවී ගිය දශකය තුළ, චීනයේ චක්‍රීය බලශක්ති නිෂ්පාදන ධාරිතාව ලොව පළමු ස්ථානයේ පසුවනවා. එසේම, අද දවසේ චීන ජනතාව පරිභෝජනය කරන විදුලි බලයෙන් සෑම  kWh 3කට එකක් ම පවිත්‍ර  බලශක්තිය වීම, පැසසුමට ලක්කළ යුතු සුවිශේෂ කරුණක්.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම