‘සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂය නව සංවර්ධන සංකල්පය නිවැරදිව අනුගමනය කළ යුතුය’ යන මැයෙන් යුතු, චීන ජනපතිගේ වැදගත් ලිපිය පළ වේ
2022-08-15 16:03:49
Share with:

‘සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂය නව සංවර්ධන සංකල්පය සම්පූර්ණයෙන්, නිවැරදිව අනුගමනය කළ යුතුය’ යන මැයෙන් යුත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ වැදගත් ලිපිය ‘Qiushi’ සඟරාවේ පළ කෙරේ.

නව සංවර්ධන සංකල්පය, සංවර්ධනයේ අරමුණු, ගාමක බලය හා ක්‍රමවේද ඇතුළු සෛද්ධාන්තික හා ප්‍රායෝගික ප්‍රශ්න මාලාවකට පිළිතුරු ලබා දී ඇතැයි එම ලිපියේ දැක්වේ. ජාතික, පළාත් හෝ ඊට පහළ මට්ටමක වුවද, නව සංවර්ධන සංකල්පයේ ආර්ථික හා සමාජයීය සංවර්ධන මාර්ග, පූර්ණ ක්‍රියාදාමයට හා සියලු ක්ෂේත්‍රවලට සම්පූර්ණයෙන්ම, නිවැරදිව යොදා ගත යුතුය. නව සංවර්ධන ව්‍යුහය ගොඩනගමින් ඉහළ ගුණාත්මක සංවර්ධනය ඉටු කිරීමේදී මතුවූ ගැටළු ප්‍රායෝගිකව විසඳා ගත යුතු බව ද එහි දැක්වේ. මීට අමතරව, ජන ජීවිතයට බලපෑම් එල්ලවන ප්‍රධාන ප්‍රශ්නවලට ද විශේෂ අවධානය යොමු කළ යුතුය. නිර්මාණශීලීත්වය, සම්බන්ධීකරණය, හරිතබව, විවෘතබව හා පොදුවේ බෙදාගැනීම පිළිබඳ සංවර්ධන ආකල්පයෙන් කටයුතු කළ යුතුය. එසේම, ජනතාව කේන්ද්‍ර කොට ගනිමින්, ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය තවදුරටත් ගැඹුරින් මෙහෙයවිය යුතු බව ද ජනාධිපතිවරයා එම ලිපියෙන් අවධාරණය කරයි. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම