චීනයේ ගංගා ආශ්‍රිත පාරිසරික පද්ධතිවල දැවැන්ත ඓතිහාසික පරිවර්තන
2022-08-15 16:33:24
Share with:

රටේ ගංගා ආරක්ෂාව හා සංවර්ධනයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අඛණ්ඩ අවධානය යොමු කරමින් සිටිනවා. ඒ අනුව, යැංසි ගංගා ප්‍රදේශයේ, පරිසර පද්ධති බහුලව ආරක්ෂා කෙරෙන අතර, එහි විශාල වශයෙන් කාර්මික සංවර්ධනය නොකිරීම සහ කහ ගංගා ප්‍රදේශයේ පාරිසරික ආරක්ෂාව මෙන්ම උසස් මට්ටමේ සංවර්ධනය ප්‍රවර්ධනය  පිළිබඳව ෂී ජින් පිං මහතා වැදගත් උප‍දෙස් රැසක් ලබා දී තිබෙනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීමෙන් පසුව, යැංසි ගංගා ප්‍රදේශය පරිසරයට ප්‍රමුඛත්වය දෙමින් එම කලාපය හරිත සංවර්ධනයට යොමු කර තිබෙනවා. මේ අතර, කහ ගංගා ප්‍රදේශයේ බොහෝ පාරිසරික ගැටලු ද මනාව විසඳා තිබෙනවා. මේ යටතේ, චීනයේ ගංගා පාරිසරික තත්ත්වයන්හි විශාල හා ඓතිහාසික පරිවර්තන සිදුවීම විශේෂත්වයක්.

ගෙවී ගිය වසර දහය තුළ, කහ ගංගාව හරිත සංවර්ධනයට “එකතු කිරීමක්” සිදුකෙරුණා. වර්ධනය වන හරිත ප්‍රදේශ කහ ගංගාවේ ජලය සහ පස ආරක්ෂා කර තිබීම විශේෂත්වයක්. එම වසර දහය තුළ, කහ ගංගාවේ වර්ග කිලෝමීටර් 26,800ක පාංශු ඛාදනය පාලනය කර ඇති අතර, එය ෂැංහයි නගරය මෙන් සිවුගුණයක ප්‍රදේශයක් හා සමාන වනවා.

පසුගිය වසර දහය තුළ, යැංසි ගංගාවේ ජල දූෂණය මනාව පාලනය කර තිබෙනවා. එම කාලය තුළ, යැංසි ගංගා ඉවුර ආශ්‍රිතව පවතින රසායනික කර්මාන්ත ව්‍යවසායන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු කර ඇති අතර, සමස්ත යැංසි ගංගාව ආසන්නයේ පැවති එවැනි ව්‍යවසායන් හතරෙන් එකකට වඩා මේ වනවිට අඩු කර තිබීමත් කැපීපෙනෙනවා. වර්තමානයේ, යැංසි ගඟේ 97% කට අධික කොටසක ජලය උසස් ගුණාත්මක තත්ත්වයේ පවතිනවා.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම