නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටීමක්
2022-08-15 18:19:19
Share with:

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු විදුලි ජනන පද්ධතියේ බිඳවැටීමක් සිදුවෙයි.  බලාගාරයේ දෝෂය හඳුනා ගැනීමට තාක්ෂණික කාර්ය මණ්ඩලය මේ වනවිට අදාළ  කටයුතු ආරම්භ කර තිබේ.

එම බිඳවැටීම යථා තත්වයට පත්කිරීමට ආසන්න වශයෙන් දින 16 ක පමණ කාලයක් ගතවනු ඇති බව බලශක්ති අමාත්‍යංශයේ බලධාරියෙක් පැවසීය.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා බටහිර වෙරළ සහ අනෙකුත් ඉන්ධන බලාගාර භාවිත කරමින් සිටින බවයි.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම