අවුරුදු 15ට වැඩි සියලු පුරවැසියන්ට නව ඩිජිටල් හැඳුනුම්පතක්
2022-08-15 18:18:24
Share with:

ජාතික හැඳුනුම්පත් ලබා සිටින, අවුරුදු 15ට වැඩි සියලු පුරවැසියන්ට නව ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ජාතික හැඳුනුම්පතේ සඳහන් ජීවදත්තවලට අමතරව අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ ප්‍රතිලාභ, ඇඟිලි සලකුණු, ලේ වර්ගය වැනි ජීවදත්ත රැසක් මෙම නව ඩිජිටල් හැඳුනුම්පතට ඇතුළත් කිරීමට නියමිත ය.

මේ වන විට ජාතික හැඳුනුම්පත ලබාසිටින මිලියන 17ට වැඩි පිරිසකට මෙම නව හැඳුනුම්පත නිකුත් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

මෙම හැඳුනුම්පත “ජාතික යුනිට් ඩිජිටල් හැඳුනුම්පත”ලෙස නම්කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම