චීන‍යේ සේවයට කැපවූ පුද්ගලයන් දෙදෙනෙකු චීන ජනාධිපතිවරයා ගේ ඇගයීමට
2022-08-14 15:20:00
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (13) චීනයේ Anhui පළාතේ Huangshan දර්ශනීය ප්‍රදේශයේ Li Peisheng සහ Hu Xiaochun වෙත පිලිතුරු ලිපියක් යොමු කළේය. ඔවුන් දෙදෙනා වසර ගණනාවක් පුරා කඳු බෑවුම් අතර පරිසරය පිරිසිදු කර වෘත්තීය කැපවීම සම්පූර්ණයෙන්ම පිළිබිඹු කර ඇති බව ෂී ජින් පිං මහතා පැවසීය. ඔවුන් තුළ ඇති විශේෂ ලක්ෂණය සාමාන්‍ය කාර්යයන්හි දී අසාමාන්‍ය ජයග්‍රහණ ලබා ගැනීම බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. ඔවුන් ආදර්ශවත් චරිත ලෙස ඉදිරියටත්  ක්‍රියා කරමින් අන් අයද වඩා හොඳ දේ කිරීමට යොමු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ෂී ජින් පිං මහතා පැවසීය.

Li Peisheng සහ Hu Xiaochun චීනයේ Anhui පළාතේ Huangshan දර්ශනීය ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටිති. 2012 සහ 2021 දී ඔවුහූ  “කැපවීම” යන කාණ්ඩය යටතේ ඇගයීමට පාත්‍ර වූහ. මෑතකදී, ඔවුහු ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යවා, ඔවුන්ගේ සේවා තත්ත්වය සහ අත්දැකීම් වාර්තා කරමින්, සුන්දර Huangshan කන්ද ආරක්ෂා කිරීමට සහ සුන්දර චීනය ගොඩනැගීමට දායක වීමේ  තම  අධිෂ්ඨානය ප්‍රකාශ කළහ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම