6වන සේද මාවත ජාත්‍යන්තර ප්‍රදර්ශනය සහ පෙර අපර දිග ආයෝජන හා වෙළඳ සහයෝගතා සකච්ඡා සභාව ඇරඹේ
2022-08-14 17:04:12
Share with:

6වන සේද මාවත ජාත්‍යන්තර ප්‍රදර්ශනය  සහ පෙර අපර දිග ආයෝජන හා වෙළඳ සහයෝගතා සකච්ඡා සභාව චීනයේ ෂීආන් නගරයේ දී ඇරඹේ.චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ විදේශ කටයුතු පිළිබඳ කොමිසමේ අධ්‍යක්ෂ යන්ග් ජ්‍යච මහතා සමාරම්භක උත්සවයට එක්විය.චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන හෙතෙම එක් තීරයක් එක් මාවතක් සහයෝගතාව පුළුල් කළ යුතු බව එහිදී පැවසීය.

එම වැඩපිළිවෙල යෝජනා කර ගෙවුණු වසර  නවයක කාලය තුළ සැලකිය යුතු ජයග්‍රහණ අත්කර ගෙන ඇත. එම  මුලපිරුම ජනප්‍රිය ගෝලීය මහජන යහපත සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වේදිකාවක් බවට පත්ව  ඇති අතර වැඩි ජීව ශක්තියක් සහ ආකර්ෂණයක් ඉන් පෙන්නුම්  කෙරෙන බවද යන්ග් ජ්‍යච මහතා සඳහන් කළේ ය.

එකිනෙකාට උපකාර කිරීම, බාධක ජය ගැනීම, මිනිස් ජීවිතය සහ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ සම්බන්ධතාවයේ සහ සහයෝගීතාවයේ පදනම ඒකාබද්ධව  තහවුරු කරන ලෙස‍ට චීනය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම එහිදී පෙන්වා දුන්නේ ය.

සහයෝගීතාවයේ නව ක්ෂේත්‍ර ඒකාබද්ධව පුළුල් කිරීම,  කැපී පෙනෙන ජීවනෝපාය ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම, එක් තීරයක්  සහ එක්  මාවතක් සහයෝගීතාව අධිෂ්ඨානශීලීව පුළුල් කිරීමට, ගෝලීය ආර්ථිකයේ කඩිනම්  ප්‍රකෘතිය සහ වර්ධනය ප්‍රවර්ධනය කිරීමට එක් තීරයක් එක් මාවතක් මුලපිරුම යොදා ගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම