සරණාගත ප්‍රශ්ණය විසඳීමට එක්වන ලෙස‍ට ඇෆ්ගනිස්ථාන රජයෙන් ඉල්ලීමක්
2022-08-14 17:01:21
Share with:

සරණාගතයන්ගේ ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් එක් වන ලෙස ඇෆ්ගන් අන්තර්වාර රජය අසල්වැසි රටවලට ආයාචනා කරයි.

තුර්කිය, ඉරානය හා පාකිස්ථානය ඇතුළු අසල්වැසි රටවල් සිය රජය සමග එක්ව ඇෆ්ගන් සරණාගතයන්ගේ ප්‍රශ්නයට පොදුවේ මුහුණ දීමට කටයුතු කරන ලෙස ඇෆ්ගන් අන්තර්වාර රජයේ සරණාගත කටයුතු පිළිබඳ වැඩබලන නියෝජ්‍ය ඇමති Mohammad Elsra Hrudi මහතා අද (14) පැවති මාධ්‍ය හමුවකදී  ආයාචනා කර තිබේ.

තුර්කියේ රැඳී සිටින ඇෆ්ගන් සරණාගතයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇෆ්ගන් අන්තර්වාර රජය ලබන සතියේ තුර්කිය වෙත කාර්ය කණ්ඩායමක් යවනු ඇතැයි ඔහු එහිදී කියා සිටියේ ය.

2021 වසරේ ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වූ කාලයේ එරට වැසියෝ විශාල පිරිසක් තුර්කිය හා ඉරානය වැනි රටවලට පලා ගොස් සිටිති. මේ වන විට ඔවුන්ගෙන් බහුතරය තවමත් සරණාගතයන් වශයෙන් එම රටවල රැඳී සිටිති.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම