ඇමරිකාව ක්‍රමයෙන් යුක්රේන තත්ත්වයට සම්බන්ධ සෘජු පාර්ශ්වය බවට පත්වෙමින් සිටින බව රුසියාව පවසයි
2022-08-14 19:01:15
Share with:

ඇමරිකාව ක්‍රමයෙන් යුක්රේනයේ තත්ත්වයට සම්බන්ධ සෘජු පාර්ශ්වය බවට පත්වෙමින් සිටින බව, රුසියාව පවසයි.

රුසියානු විදේශ අමාත්‍යංශයේ උතුරු ඇමරිකානු අංශයේ ප්‍රධානී ඊයේ(13) TASS ප්‍රවෘත්ති සේවය සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී මෙබව පැවසීය. ඇමරිකාව යුක්රේනයට හමුදා ආධාර ලබාදීම, රුසියානු විශේෂ හමුදා මෙහෙයුම් වෙත විශාල බලපෑමක් නොමැති නමුත්, බටහිර රටවල් යුක්රේනයට දිගු දුර ආයුධ සැපයීමෙන්, රුසියානු විශේෂ හමුදා මෙහෙයුම් වඩාත් පුළුල් වීමට එය තුඩු දෙනු ඇතැයි, ඔහු සඳහන් කළේ ය.

යුක්රේන රාජ්‍ය පුවත් ඒජන්සිය ඊ‍යේ(13) වාර්තාවලට අනුව, යුක්රේන ජනාධිපති කාර්යාලයේ උපදේශකයා මෑතකදී මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පෙන්වා දුන්නේ, යුක්රේනය සහ රුසියාව අතර වත්මන් සංවාදය, යුද සිරකරුවන් හුවමාරු කිරීම වැනි මානුෂීය අංශවලට සීමා වී ඇති බවයි. දෙපාර්ශ්වය අතර හමුදා සහ දේශපාලන ක්ෂේත්‍රවල සංවාදයක් නොමැති බව ද ඔහු සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම