12වැනි බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට ඉහළ සහභාගීත්වයක්
2022-08-13 19:33:26
Share with:

12වැනි බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ඇරඹේ.

 චීන මාධ්‍ය සමූහය සහ බෙයිජිං නාගරික රජය ඒකාබද්ධව සංවිධාන  කළ එම චිත්‍රපට උළෙල අද (13) බෙයිජිංහිදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක කටයුතු දෙපාර්තමේන්තු නියෝජ්‍ය අධ්‍යක්ෂ, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ෂෙන් හයි ශියොං මහතා එහි සමාරම්භක උත්සවයට එක් විය. නව යුගයේ චීන චිත්‍රපට කර්මාන්තය පෙර නොවූ විරූ ප්‍රගතියක් අත්කර ගෙන සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව ඔහු එහිදී දේශනයක් පවත්වමින් කියා සිටියේ ය. එම ප්‍රගතිය දුටු චීන මාධ්‍ය සමූහය ඊට දායකත්වයක් ද ලබා දී ඇත‍. මේ වන විට චීන මාධ්‍ය සමූහය බෙයිජිං , ශැංහයි හා චාං චුවෙන් නගර සහ හයි නැන් පළාත සමග එක් ව වෙන් වෙන් ව චිත්‍රපට උළෙල 4ක් සංවිධාන කර ඇත. චිත්‍රපටවල ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රවෘත්ති, ටෙලි නාට්‍ය, වාර්තා චිත්‍රපට හා කලාංග ඇතුළු රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනය කිරීමට චීන මාධ්‍ය සමූහය කටයුතු කරන බව ෂෙන් හයි ශියොං මහතා පැවසීය.

මෙවර බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙළ ලබන 20වැනි දා දක්වා පැවැත්වීමට නියමිත ය. උළෙලේ ප්‍රධාන තරග අංගය වන “Temple of Heaven”සම්මානය සඳහා චිත්‍රපට 1450ක් ඉදිරිපත් වී තිබේ. ඒ අතරින් 1193ක් රටවල් හා කලාප 88ක නිර්මාණයන් ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම