නේටෝ සංවිධානයට එක්වීමට පෙර සිය ප්‍රතිඥා ඉටු කිරීමට ශක්තිමත් පියවර ගන්නා ලෙසට තුර්කිය පින්ලන්තයෙන් හා ස්වීඩනයෙන් ඉල්ලීමක් කරයි
2022-08-12 18:52:12
Share with:

නේටෝ සංවිධානයට එක්වීමට පෙර සිය ප්‍රතිඥා ඉටු කිරීමට ශක්තිමත් පියවර ගන්නා ලෙසට තුර්කි විදේශ අමාත්‍යවරයා පින්ලන්තයෙන් සහ ස්වීඩනයෙන් ඉල්ලීමක් කරයි.

තුර්කි විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අන්කාරා නුවර පැවති වාර්ෂික තානාපතිවරුන්ගේ සමුළුවේදී නේටෝවට බැඳීමට පෙර ඔවුන් විසින් පළ කළ  ප්‍රතිඥා මෙතෙක් ඉටු කර නොමැති බව හෙතෙම පැවසීය.

පෙබරවාරි මස අගදී රුසියානු-යුක්රේන ගැටුම හට ගැනීමෙන් පසු පින්ලන්තය සහ ස්වීඩනය නේටෝ සංවිධානයට බැඳීමට තීරණය කළේය. කෙසේ වෙතත්, කුර්දිස්තාන් කම්කරු පක්ෂය සහ Gulen ව්‍යාපාරයට සම්බන්ධ සැකකරුවන් පිටුවහල් කරන ලෙසට තුර්කිය එම රටවල් දෙකෙන් කළ  ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, ත්‍රස්තවාදී සංවිධානවලට එම දෙරට සහාය දෙන බවට චෝදනා කරමින් තුර්කිය විසින් නේටෝ සංවිධානයට එක්වීමේ  ඔවුන් ගේ අභිප්‍රාය වළකන ලදි.

මැඩ්රිඩ්හි පැවති නේටෝ සමුළුවේදී පින්ලන්තය සහ ස්වීඩනය ත්‍රස්තවාදයට එරෙහි  තුර්කියේ සටනට සහාය දෙන බවට ප්‍රතිඥා දුන් අතර ත්‍රස්තවාදීන් පිටුවහල් කිරීමේ ගැටළුව විසඳීමට එකඟ වෙමින් අවබෝධතා ගිවිසුමකට ද එළඹිණ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම