විවෘත ලැයිස්තුවේ දක්වා නොමැති ආයුධ යුක්රේනයට ලබා දුන් බව පෙන්ටගනය පිළිගනී
2022-08-12 11:14:34
Share with:

සැපයුම් ලැයිස්තුවට ඇතුළත් නොවන ආයුධ යුක්රේනයට සැපයූ බව  ඇමරිකාව ප්‍රථම වරට පිළිගනී.

යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියනයක වටිනාකමින් යුතු ආයුධ ලබා දෙන බව මේ සතියේ ඇමරිකාව නිවේදනය කළේය. අදාළ ආයුධ සැපයීම පිළිබඳ විවෘත ලැයිස්තුවේ දක්වා ඇති බහුතර ආයුධ මීට පෙර ද ඇමරිකාව සඳහන් කර ඇත.එහෙත්, එම ලැයිස්තුවට ඇතුළත් නොවන ආයුධ ද මේ වනවිට ඇමරිකාව යුක්රේනයට සපයමින් සිටී. ප්‍රකාශයට පත්කෙරුණු ලැයිස්තුවේ නොමැති ප්‍රති-රේඩාර් ආයුධ යුක්රේනයට ලබා දුන් බව, ඇමරිකාවේ පෙන්ටගනය ප්‍රථම වරට පිළිගෙන තිබේ.

මේ සම්බන්ධයෙන්, ඇමරිකානු ආයුධ පාලනය හා නිරායුධකරණ කටයුතු පිළිබඳ විශේෂඥයෙකු පැවසුවේ, ආයුධ සැපයීම සම්බන්ධ සත්‍ය කරුණු සැඟවිය හැකිවන්නේ නම්, ඇමරිකාව වෙනත් ආයුධ යුක්රේනයට යොමු කරනු ඇති බවයි. එය ඉතා අනතුරුදායක හා තර්ජනාත්මක ක්‍රියාවක් වන අතර, යුක්රේනයේ යුද හැකියාව ඉහළ නැංවීමේ පියවරක් බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර, ඇමරිකාව ඇතුළු රටවල් යුක්රේනයට ලබා දුන්, සැපයුම් ලැයිස්තුවට ඇතුළත් නොවන අවි ආයුධවල අවසාන ගමනාන්තය කුමක් ද යන්න කෙරෙහි ජගත් ප්‍රජාවගේ දැඩි අවධානය යොමුව ඇත. පසුගිය 10 වැනිදා Russia Today රූපවාහිනියේ පළ වූ වාර්තාවකට අනුව, රුසියානු-යුක්රේන අර්බුදය හටගැනීමෙන් පසු ඇමරිකාව යුක්රේනයට ලබා දුන් ආයුධ විශාල ප්‍රමාණයක් ආයුධ කලු කඩවල දැකිය හැකි අතර, ඒවා සාපේක්ෂව අඩු මිලකට අලෙවි කෙරෙන බවයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම