ඇමරිකාව සංවර්ධනය විය යුත්තේ වෙනත් රටක සංවර්ධනයට බාධාකිරීමෙන් නොවේ
2022-08-12 14:42:46
Share with:

ඇමරිකානු ජනාධිපති Joe Biden පසුගියදා අත්සන් තැබූ  2022 CHIPS සහ විද්‍යා පනත, "ඇමරිකානු ඉතිහාසයේ අක්වෙරළ කර්මාන්තයන්ට නැවත සහාය වීමේ විශාලතම උත්සාහය" ලෙස ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

අදාළ දත්තවලට අනුව, 1990 දී ගෝලීය අර්ධ සන්නායක නිෂ්පාදන කර්මාන්තයෙන් 37% ක් ඇමරිකාව සතු වූ අතර, 2020 දී මෙම අනුපාතය 12% දක්වා පහත වැටී ඇත. ඇමරිකාවේ නිෂ්පාදන පිටතට ගලායාම අපේක්ෂිත තත්ත්වයට වඩා බෙහෙවින් වැඩි ය. ඇමරිකාවට අවශ්‍ය වන්නේ මෙය නතර කිරීමටයි. එම පනත අත්සන් කිරීමේ අරමුණ වන්නේ පිරිවැය අඩු කිරීම, රැකියා උත්පාදනය සහ සැපයුම් දාම ශක්තිමත් කිරීම බව ධවල මන්දිරය විසින් නිකුත් කෙරුණු නිවේදනයක දැක්වේ.

පනත මගින් ඇමරිකානු සහනාධාර හිමිවන සමාගම්වලට චීනය හා "ඇමරිකාවේ කනස්සල්ලට හේතු වූ වෙනත් රටවල්" සමඟ ඉදිරි වසර දහයක් තුළ "ප්‍රධාන ගනුදෙනු" සහ උසස් ක්‍රියාවලි චිප්ස් සඳහා ආයෝජනය කිරීමට ඉඩ නොදෙන බව ද එම පනතේ සඳහන් වේ. මෙම ඊනියා "ආරක්ෂක" වගන්ති සහ එහි චීනය සෘජුවම සඳහන් කිරීම තුළින් ඇමරිකාවේ උපායමාර්ගික කනස්සල්ල මනාව ඉස්මතු වී ඇත.

මෑත වසරවලදී, චීනය වැනි ඇතැම් රටවල් අර්ධ සන්නායක නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රගතියක් ලබා ඇති අතර එය ඇමරිකාවේ කනස්සල්ලට හේතු වී තිබේ. චීනයේ සහ අනෙකුත් රටවල අර්ධ සන්නායක කර්මාන්තයේ දියුණුවට බාධා ඇති කරමින්, චිප් නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයට පැමිණීමේ අරමුණ ඇමරිකාව මෙම පනත ඉදිරිපත් කිරීමට බලපෑ ප්‍රබල හේතුවයි.

ඇමරිකාවට තම රට සංවර්ධනය කිරීමට අයිතියක් ඇත. නමුත් එය කළයුත්තේ අනෙකුත් රටවල සංවර්ධනය වැළැක්වීමේ උත්සාහයන්ගෙන් නොවේ. සීතල යුද මානසිකත්වයෙන් යුතු නායකත්වයක් යටතේ චිප් කර්මාන්තය සඳහා යොදාගැනෙන මෙවැනි ආරක්ෂණ ප්‍රතිපත්තියකින් කිසිදු වාසියක් අත්නොවන බව නිසැකය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම