චීන විදේශ ඇමතිවරයා මාධ්‍ය හමුවකට එක්වෙයි
2022-08-12 15:44:01
Share with:

චීන - ආසියන් සංගම් සහයෝගිතාව ආසියා පැසිෆික් කලාපීය සහයෝගීතාවයේ වඩාත්ම සාර්ථක සහ ගතික උදාහරණය බව විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසයි.නිල සංචාර හා නිල හමුවීම් කිහිපයකට පසු මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම අද (11) මේ බව පැවසීය.

මෙවර චීන - ආසියන් සංගම් විදේශ අමාත්‍යවරුන්ගේ සමුළු‍වේ විශාලතම ජයග්‍රහණය චීන - ආසියන් සංගම් සංවාද සබඳතා පිහිටුවීමේ 30 වැනි සංවත්සර සැමරුම් සම්මුතිය සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවීම, චීන - ආසියන් සංගම් පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාව සඳහා ක්‍රියාකාරී සැලැස්ම සාක්ෂාත් කර ගැනීම සහ ඉදිරි  සහයෝගීතාවයේ අවධානය සහ දිශාව සැලසුම් කිරීමය.

චීනය කාම්බෝජය, බංග්ලාදේශය සහ මොංගෝලියාව සමඟ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව තහවුරු කර ගනිමින් ශක්තිමත් සහයෝගීතාවයක් පවත්වා ගෙන යමින් ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන බව Wang Yi මහතා ප්‍රකාශ කළේය. චීන සහ දකුණු කොරියානු විදේශ අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡා සහ හුවමාරු වලදී දෙපාර්ශවය දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික සන්නිවේදනය සහ ප්‍රායෝගික සහයෝගීතාවන් ශක්තිමත් කිරීමටත්, චීන - දකුණු කොරියානු නිදහස් වෙළඳ ගිවිසුමේ දෙවන අදියරේ සාකච්ඡා කඩිනම් කිරීමටත් එකඟතාව පළවිය. නේපාල විදේශ අමාත්‍යවරයාගේ චීන සංචාරයේදී දෙපාර්ශවය වැදගත් සහයෝගීතා සම්මුතියකට එළඹ තිබේ. නේපාලයේ ජාතික තත්ත්වයන්ට ගැළපෙන සංවර්ධන මාවතක් සඳහා චීනය දැඩි ලෙස සහාය දෙනු ඇත. නේපාලය එකම චීනය යන ප්‍රතිපත්තිය දැඩිව අනුගමනය කරන බවත් චීනයට විරුද්ධ  සහ චීනයේ අවශ්‍යතාවලට හානි කරන කිසිදු ක්‍රියාවක් වෙනුවෙන් නේපාල භූමිය භාවිත කිරීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බවත් නේපාල විදේශ ඇමතිව‍රයා අවධාරණය කර තිබේ. දෙපාර්ශ්වය එක්ව එක් තීරයක් එක් මාවතක් උසස් තත්ත්වයෙන් ගොඩනඟන අතර උපායමාර්ගික හවුල්කාරීත්වය අර්ථාන්විතව  අඛණ්ඩව වර්ධනය කරනු ඇති බවත්  Wang Yi මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම