ගෝලීය සංවර්ධන මුලපිරුම් ඒකාබද්ධ ව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජාත්‍යන්තර සිවිල් සමාජයේ හුවමාරු සම්මන්ත්‍රණයට චීන ජනපති‍ ගෙන් සුභ පැතුම්
2022-08-12 19:12:55
Share with:

ගෝලීය සංවර්ධන මුලපිරුම ඒකාබද්ධ ව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජාත්‍යන්තර සිවිල් සමාජයේ හුවමාරු සම්මන්ත්‍රණයට, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(12) සුභ පැතුම් පණිවුඩයක් යොමු කළේ ය.

සංවර්ධනය මානව සමාජයේ සදාතනික තේමාව බව ෂී ජින් පිං මහතා  සඳහන් කළේ ය. එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සැලකිල්ලෙන් යුතුව ක්‍රියාත්මක කිරීමෙන් පමණක්, සෑම රටකම වැසියන්ට යහපත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබෙන අතර, මනුෂ්‍ය සමාජයට යහපත් හෙටක් උදාකර දිය හැකි බව ද, හෙතෙ‍ම පැවසීය.

ගෝලීය සංවර්ධන හවුල්කාරීත්වයක් ගොඩනැගීමට ජාත්‍යන්තර ප්‍රජාව අත්වැල් බැඳගත යුතු බව, ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ ය. ඒ ඒ පාර්ශ්ව සමඟ, තිරසර සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය වේගවත් කිරීමට මෙන්ම, පොදු මානව ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට සහ සමෘද්ධිමත් නව යුගයක් එක්ව නිර්මාණය කිරීමට, චීනය වැඩි දායකත්වයන් ලබා දීමට කැමැත්තෙන් සිටින බව ද , ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම