ඩෙංගු රෝගයේ ව්‍යාප්තවීමක්
2022-08-11 17:13:17
Share with:

මේ වනවිට දිවයින පුරා ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. වසරේ ගත වු කාලය තුළ පමණක් රෝගීන් 49 දහස් 454 දෙනෙකු වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අතරින් වැඩි පිරිස වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. සමස්ත ඩෙංගු ආසාදිත සංඛ්‍යාවෙන් සියයට 63 ක් වාර්තා වී ඇත්තේ පසුගිය මාස 3 තුළදී බව එම ඒකකය පෙන්වා දෙයි. නිරිතදිග මෝසම් වර්ෂාව ඊට හේතුවයි. ඩෙංගු රෝගයට සමාන රෝග ලක්‍ෂණ පෙන්නුම් කළ වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු විය යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා කියා සිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම