ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosi, චීන තායිවාන ප්‍රදේශයට පැමිණීම එම කලාපය තුළ ගැටුම් නිර්මාණය කිරීමට දැරූ උත්සාහයක්
2022-08-11 14:59:54
Share with:

ඇමරිකාව සිය විදේශ ප්‍රතිපත්තිය හරහාම විවිධ කලාපයන්ට සහ රටවලට බලපෑම් සිදු කරනු ලබයි. එහි දී රටවල අභ්‍යන්තර ගැටලුවලට ද මැදිහත් වෙමින් එම රටවල ස්වාධීනත්වයට බලපෑම් කිරීමට ද ඔවුන් කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකාව භූ දේශපාලනික වශයෙන් වැදගත් රටක් වන හෙයින් එවැනි දැඩි මැදිහත්වීමක් ද සිදු කර තිබේ. මැද පෙරදිග කලාපයට ද, විශේෂයෙන් සිරියාවේ ඇති වූ අස්ථාවරත්වයට ද ඇමරිකාව බලපෑම් කළ බව පැහැදිලිව දක්නට ලැබේ. එමෙන්ම ඇෆ්ගනිස්ථානය හා ඉරාකය තුළ ගැටුම් ඇති වීමට ද ඔවුන් මැදිහත් වූ බව නොරහසකි. ඒ අනුව සිය බලවත්භාවය ආරක්ෂා කිරීමේ උපක්‍රමයක් ලෙස ඇමරිකාව ලොව රටවල අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් කරන බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ප්‍රවීණ දේශක චතුර මහආරච්චි මහතා පවසයි.

තායිවානය චීනයේ එක් පරිපාලන ඒකකයකි. මෙම චීන තායිවාන ප්‍රදේශයේ, එකම චීනය මූලධර්මය ඇමරිකාව ද මීට පෙර නිල වශයෙන් පිළිගෙන තිබුණි. නමුත් වර්තමානයේ දී ආසියානු කලාපයේ සිය බලය වර්ධනය කර ගැනීමේ අරමුණින් ඇමරිකාව, චීන තායිවාන ප්‍රදේශයට මැදිහත්වීමට උත්සාහ කළ බවක් පෙනේ. මෙම ඇමරිකාවේ හැසිරීම්, චීන අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් කිරීමට උත්සාහ කිරීමක් ලෙස විග්‍රහ කළ හැකි බව ඔහු කියා සිටී.

චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන හරහා, ලෝක පද්ධතිය තුළ චීනය ආර්ථික බලවතා බවට පත් වනු ඇති බව බොහෝ දෙනාගේ මතයයි. එවැනි අවස්ථාවක ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosi චීන තායිවාන ප්‍රදේශයට පැමිණීම උත්සාහ කිරීම මෙම කලාපයට බලපෑමක් කරනු ඇති බවට පැහැදිලිව ගම්‍යමාන වේ. මේ බලපෑමට එරෙහිව යුධමය තත්ත්වයක් ඇති නොවුන ද දේශපාලනමය වශයෙන් යම් මතභේදයන් නිර්මාණය වීමේ අවකාශය පවතී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම