චීනයේ අභ්‍යන්තර ගැටලු චීනය විසින්ම විසඳාගැනෙනු ඇත
2022-08-11 10:15:29
Share with:

චීන ජාතිකයන්ගේ කටයුතු චීන ජාතිකයන් විසින් තීරණය කළ යුතු ය.

චීන රජය විසින් ඊයේ (10) නිකුත් කරන ලද ‘තායිවාන ප්‍රශ්නය හා නව යුගයේ චීනයේ එක්සත් ව්‍යායාමය’ නමැති ධවල පත්‍රිකාවේ මේ බව අවධාරණය කර ඇත. තායිවාන ප්‍රශ්නය චීන අභ්‍යන්තර කටයුත්තකි.එය චීනයේ කේන්ද්‍රීය ප්‍රතිලාභය, චීන ජාතිකයන්ගේ ජාතික හැඟීම හා සම්බන්ධ වන අතර, එහි කිසිදු බාහිර බලවේගයක මැදිහත්වීමකට ඉඩ නොමැති බව ඒ මගින් පැහැදිලි කෙරිණ. චීනයේ අභ්‍යන්තර යුදමය හේතුවක් නිසා ඉතිරි වූ ගැටලුවක් ලෙස, තායිවාන ප්‍රශ්නය මෙතෙක් විසඳාගත නොහැකිවීම කෙරෙහි බලපා ඇති ප්‍රධානතම බාහිර සාධකය වන්නේ ඇමරිකාවේ මැදිහත්වීම හා බාධක පැනවීමයි.මෑත වසර කිහිපය තුළ චීන තායිවානයට අවි ආයුධ අලෙවි කිරීමට නොකඩවා පෙළඹී සිටින ඇමරිකාව, චීන තායිවාන ප්‍රදේශයේ ඊනියා“ජාත්‍යන්තර අවකාශය” ව්‍යාප්ත කිරීමට සහාය වෙමින්, නැන්සි පෙලොසිගේ තායිවානයේ සංචාරය වැළැක්වීමට ද පියවර නොගත්තේය. චීනයේ එක්සත්කරණයට අඛණ්ඩව බාධා කරමින් සිටින ඇමරිකාව, තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ සාමය විශාල ලෙස විනාශ කරන්නා බවට පත්ව තිබේ.

‘තායිවාන ප්‍රශ්නය හා නව යුගයේ චීනයේ එක්සත් ව්‍යායාමය’ නමැති ධවල පත්‍රිකාව මගින්, එකම රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය අනුව, තායිවාන සමුද්‍ර සන්ධිය දෙපසේ සාමය හා එක්සත්කරණය ඉටු කිරීමේ ඉදිරි දැක්ම පිළිබඳව ප්‍රථම වරට න්‍යායාත්මකව විස්තර කෙරිණ. තායිවාන සංවර්ධනයේ ඉඩ පෙරට වඩා පුළුල් වීම, තායිවාන ස්වදේශිකයන්ගේ ප්‍රතිලාභ මනා ලෙස සහතික කිරීම, චීන ජාතික සමෘද්ධිය හා සංවර්ධනය පොදුවේ පෙළඹවීම යන කරුණු ඊට ඇතුළත්ය.

චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වය යටතේ, සාමය හා එක්සත්කරණය සඳහා පූර්ණ අවකාශයක් නිර්මාණය කිරීමට කැමැත්තෙන් සිටින බිලියන 1.4ක චීන ජනතාව කිසිදු ආකාරයක “තායිවාන ස්වාධීනත්ව”බෙදුම්වාදී ක්‍රියාවකට ඉඩ නොතබනු ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම