චීන ආර්ථිකය ලෝක ආර්ථිකයේ එන්ජිම බවට පත්ව ඇතැයි සමීක්ෂණයකින් හෙළිවෙයි
2022-08-10 17:16:18
Share with:

චීන ආර්ථිකය ලෝක ආර්ථිකයේ එන්ජිම බවට පත්ව ඇතැයි සමීක්ෂණයකට එක්වූ බහුතරයක් විශ්වාස කරති.චීනයේ CGTN නාළිකාව හා රෙන්මින් විශ්ව විද්‍යාලය එක්ව එම සමීක්ෂණය සිදු කර තිබේ. රටවල් 22 ක පුද්ගලයන් ඊට එක්වූ අතර ඉන් සියය‍ට 78.34 ක පිරිසක් පවසා ඇත්තේ දශකයක් පුරා චීන ආර්ථිකය ලෝක ආර්ථිකයට උත්තේ‍ජනයක් ලබා‍ දෙමින් ලෝක ආර්ථිකයේ එන්ජිම බවට පත්ව ඇතැයි තමන් විශ්වාස කරන බවයි.ඇමරිකාව , බ්‍රිතාන්‍යය,ප්‍රංශය, ජර්මනිය වැනි සංවර්ධිත රටවල අය මෙන්ම බ්‍රසීලය, මෙක්සිකෝව, තායිලන්තය, ඉන්දියාව,පාකිස්ථානය වැනි සංවර්ධනය වෙමින්  පවතින රටවල පිරිස් ද සමීක්ෂණයට එක්වූහ. ඔවුන්ගේ සාමාන්‍ය වයස් සීමාව අවුරුදු 38 ක් පමණ වෙයි.ඉන් බහුතරය උසස් අධ්‍යාපනය ලැබූ අය වීමද විශේෂත්වයකි.සමීක්ෂණය‍ට එක්වූ අප්‍රිකා කලාපයේ පුද්ගලයන් අතරින් සියයට 91කට වැඩි පිරිසක් චීන ආර්ථික ජයග්‍රහණ ගැන ඉහළින් අදහස් දැක්වූහ.එක් තීරයක් එක් මාවතක් හා සම්බන්ධ රටවල අය අතරින් එලෙස අදහස් දැක්වූ පිරිස සියයට 84.13කි.ගතවූ දශකය පුරා චීනයේ ඒක පුද්ගල දළ දේශීය නිශ්පාදිත වටිනාකම ඩොලර් 6100 සිට ඩොලර් 12 දහසක් දක්වා වර්ධනය වී තිබේ.එය සුවිශේෂී තත්ත්වයක් බව සමීකණයට එක්වු බහුතරයගේ මතය වී තිබේ.චීනයේ මිලියන 100 කට වැඩි පිරිසක් අන්ත දිළිදුභාවයෙන් මුදා  ගැනීමට ද හැකිවී ඇත.චීනය‍ ලබා ගෙන ඇති මෙම ඓතිහාසික ජයග්‍රහණයන්ට කරුණු දෙකක් බලපා ඇති බව සමීක්ෂණයට එක්වූවෝ විශ්වාස කරති.ඒ වේගවත් ආර්ථික වර්ධනයක් පවත්වා ගෙන යාමට චීන ආර්ථිකයට හැකිවීම සහ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට චීන නායකයන් දැක්වූ  අධිෂ්ඨානශීලී දැඩි කැපවීමය. තවත් විශේෂ කරුණක් ලෙසට චීන ජනතාවගේ දැඩි කාර්ය කැපවීම කෙරෙහි සමීක්ෂ‍ණයට එක්වූවන් ඉහළින් අගය කර තිබීම  පෙන්වා දිය හැකිය.


ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම