දේශපාලන බල පෙරළීම්වලට මැදිහත්වන ඇමරිකාවේ ස්වභාවය හානිකර තත්ත්වයක්
2022-08-10 15:43:00
Share with:

ඇමරිකාව වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම පැහැදිලිව දක්නට ඇතැයි ප්‍රවීණ ලේඛක සහ ජනමාධ්‍යවේදී හෙන්රි වර්ණකුලසූරිය මහතා පවසයි. ඔවුහූ විවිධ හේතු සොයා ගෙන ඒවාට සරිලන පරිදි මැදිහත්වීම් සිදු කරති. මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්න, ත්‍රස්තවාදී ගැටලු සඳහා ආර්ථිකමය හා හමුදාමය ක්‍රියා මාර්ග හරහා මැදිහත්වීම් සිදුකිරීම බහුලව දැකිය හැකිය. මෙම තත්වය ඇමරිකාවේ දැකිය හැකි මෑත කාලීන දෙයක් නොවන බවද හෙතෙම කියා සිටී. 19 වන ශතවර්ශයේ සිටම සිදුවූවකි. මෙවැනි සුපිරි බලයක් සහිතව ඇමරිකාව ලෝක පොලිස්කාරයා ලෙස කටයුතු කරන බව සිය පෞද්ගලික දැක්ම යැයි හෙතෙම පවසයි. මෑතකාලීනව 1991 සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටීමෙන් පසුව ඔවුන් ඊනියා සුපිරි බලයක් ආරෝපනය කර ගෙන ඇති බව දේශපාලනික වශයෙන් දැකිය හැකිය.

ඇමරිකාව වෙනත් රටවල් මෙහෙයවීමට කටයුතු කරන බව පැහැදිලිය. දේශපාලනික සහ පරිපාලනමය වශයෙන් රටවලට බලපෑම් කරමින් නීතිමය මැදිහත්වීම් ද සිදු කරයි. ඔවුන් ඇතැම් රටවල තීරණ ගැනීමට මැදිහත්වන අවස්ථාද දැකිය හැකිය. ආර්ථික වශයෙන් බිඳවැටී ඇති රටවලට මැදිහත් වනුයේ ඉතා පහසුවෙන් බවද හෙතෙම කියා සිටී. ආර්ථික ආධාර ලබා දෙනුයේ ද රට තුළ සෙසු පරිපාලන කටයුතු ඔවුන්ට අවශ්‍ය පරිදි සිදුකරවා ගැනීම සඳහා හෝ ඒවා එසේ සිදුවන්නේ නම් පමණි.

මෙවැනි මැදිහත්වීම් හේතුවෙන් ඒ ඒ රටවල සමාජමය ගැටළු මතුවීමට ද හේතුවී තිබේ. ආණ්ඩු පෙරළීම දක්වාම ඔවුන් තම අභිමතය ක්‍රියාත්මක කරනු ලබයි. වක්‍රාකාරව ඇමරිකාවට ද ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ආධාර උපකාර කරනු දක්නට ඇති බවද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම