‘තායිවාන ප්‍රශ්නය හා නව යුගයේ චීනයේ එක්සත් ව්‍යායාමය’ නමැති ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
2022-08-10 11:13:41
Share with:


‘තායිවාන ප්‍රශ්නය හා නව යුගයේ චීනයේ එක්සත් ව්‍යායාමය’ නමැති ධවල පත්‍රිකාව නිකුත් කෙරේ.

චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය හා රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය විසින් අද (10) එම ධවල පත්‍රිකාව නිකුත් කරන ලදි. චීන කොමියුනිස්ට් පක්ෂය සැම විටම තායිවාන ප්‍රශ්නය විසඳීම හා රටේ සම්පූර්ණ එක්සත්භාවය ඉටු කිරීම සිය අනවරත ඓතිහාසික මෙහෙවරක් ලෙස සලකා ක්‍රියා කර තිබේ. ‘සාමකාමී එක්සත්භාවය, එක් රටක් ක්‍රම දෙකක්’ යන්න තායිවාන ප්‍රශ්නය විසඳීමේ මූලික ක්‍රියාමාර්ගය මෙන්ම රටේ එක්සත්භාවය ඉටු කිරීමේ මනාම ක්‍රමය බව අනිවාර්ය පිළිගැනීමය. චීන කොමියුනිස්ට් පක්ෂය හා රජය උපරිම අවංකත්වයෙන්, උපරිම ප්‍රයත්න දරමින් සාමකාමී එක්සත්භාවය ඉටු කිරීම ප්‍රවර්ධනය කිරීමෙහි අඛණ්ඩව නිරතවන බව එම ධවල පත්‍රිකාවේ දැක්වේ.

‘එක් රටක් ක්‍රම දෙකක්’ ප්‍රතිපත්තියට අනුව තායිවාන සමුද්‍ර සන්ධි දෙපස අතර සාමකාමී එක්සත්භාවය සාක්ෂාත් කර ගැනීම, රටේ සංවර්ධනය හා චීන ජාතිකයින්ගේ දැවැන්ත පුනර්ජීවනයට නව පිටුබලයක් ලබා දෙනු ඇත.ඉන් තායිවාන ප්‍රදේශයේ සමාජ ආර්ථික සංවර්ධනයට විශාල අවස්ථා ගෙන දෙනු ඇති අතර තායිවාන ස්වදේශිකයින්ට ද ප්‍රායෝගික ප්‍රතිලාභ හිමිවනු ඇත. සාමකාමී එක්සත්භාවය ඉටු කිරීම, චීන ජනතාවට මෙන්ම, ජගත් ප්‍රජාව හා ලෝක වාසීන්ට ද  සුබ සෙතක් බව එම ධවල පත්‍රිකාව පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම