ඇමරිකාව සිදු කරන අපරාධ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක අවශ්‍යතාව අවධාරණය කෙරේ
2022-08-10 14:49:02
Share with:

චීන මානව හිමිකම් අධ්‍යයන සංගමය ඊයේ(9)  අධ්‍යයන වාර්තාවක් නිකුත් කරමින් ඇමරිකාව විසින් මැදපෙරදිග හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල සිදු කළ අපරාධ හෙළි කළේය. යුද්ධ දියත් කිරීම, සිවිල් වැසියන් ඝාතනය කිරීම, ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම, ශිෂ්ටාචාර අතර ගැටුම් නිර්මාණය කිරීම යන අපරාධ සිදු කළ ඇමරිකාව මුස්ලිම් ප්‍රජාවේ දැවැන්තම විනාශකරු බව ඉන් ලෝකයාට පැහැදිලි වී තිබේ.

 ‘යුද්ධය යනු ඇමරිකානුවන්ගේ ජීවිත රටාව’ යැයි ඇමරිකානු ඉතිහාසඥ Paul Atwood මහතාගේ නිගමනය සත්‍ය කරුණු මගින් යළි යළිත්  සනාථ වී ඇත. ඇමරිකාවේ Smithsonian අධ්‍යයන ආයතනයේ සඟාරව නිකුත් කළ සංඛ්‍යාලේඛනයකට අනුව, ගෙවී ගිය දශක දෙකක් තුළ, ඇමරිකාවේ සන්නද්ධ උමතුවෙන් මිය ගිය සංඛ්‍යාව ලක්ෂ අටක් පමණ වෙයි. ඒ අතරින් තුන්ලක්ෂ තිස්පන් දහසක් සිවිල් වැසියන්  බව ද සඳහන් කෙරේ.

යුද්ධ, මැද පෙරදිග හා එහි ආශ්‍රිත ප්‍රදේශවල වැසියන්ට  මරණය ගෙන දෙන කඩිනම් උපායමාර්ගයක් නම්, ආර්ථික සම්බාධක ඔවුන්ට තිරසර වධහිංසාවක් සේය.  ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථාන මහ බැංකුවේ ඇ.ඩො. බිලියන ගණනක විදේශ සංචිතය තහනම් කර ඇත. ඒ අතරම සියයට 98ක ඇෆ්ගනිස්ථාන වැසියන් කුසගින්නෙන් සිටින අතර වයස අවුරුදු පහට අඩු ඇෆ්ගන් දරුවන්ගෙන් සියයට 50ක පිරිසක් බරපතල පෝෂණ හිඟ තත්ත්වයේ පසුවෙති.  ඉරාන ජනතාවද සිටින්නේ ජීවන අරගලයකය.

මැද පෙරදිග ප්‍රදේශයේ ඓතිහාසික උරුම විනාශ කිරීම් සිදු කළ ඇමරිකාව, හිතාමතාම මුස්ලිම් ජාතිකයින් සිරගෙට දමා ඔවුන්ට ක්‍රෑර දඬුවම් පැනවීම් ද සිදු කර ඇත. මැදපෙරදිග ප්‍රදේශයේ ඇමරිකාව සිදු කළ අපමණ අපරාධ කෙරේ පරීක්ෂණයක් ආරම්භ කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කවුන්සිලය කඩිනමින් ක්‍රියා කළ යුතුව තිබේ. 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම