පාසල් නිසි පරිදි පැවැත්වීමට තීරණය කෙරේ
2022-08-10 17:15:12
Share with:

සතියේ දින පහේම පාසල් පැවැත්වීමට තීරණය කර ඇතැයි ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි. මේ වනවිට ඉන්ධන සැපයුම විධිමත් වීම හා පාසල් බස්රථ සේවා ආරම්භ කිරීම හේතුවෙන් පාසල් වලට ගුරුවරුන්ගේ හා සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඇමතිවරයා මේ කරුණු සඳහන් කළේය. මෙවර අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මුල් සතියේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

පසුගිය වසරේ උසස් පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කරන බව ඇමතිවරයා පැවසීය. එම ප්‍රතිඵල ලබන 15 වැනිදා නිකුත් කිරීමට කලින් සැලසුම් කර තිබුණද රටේ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් ප්‍රායෝගික පරික්ෂණ නියමිත දිනට පැවැත්වීමට නොහැකි විය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම