ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය උදෙසා චීනය අනුගමනය කරන බහුපාර්ශවීය සහ විශ්වීය වූ විදේශ ප්‍රතිපත්තිය
2022-08-09 13:45:34
Share with:

චීන විදේශ ප්‍රතිපත්තිය බහුපාර්ශ්වවාදය මූලික කර ගත් ප්‍රතිපත්තියකි. එය හුදකලා බවින් බැහැර වී විශ්වීය ප්‍රතිපත්තියක් තුළ චීනය කටයුතු කරමින් සිටින බවට පිළිබිඹුවක් බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ප්‍රවීණ දේශක අශේන් අබේරත්න මහතා පවසයි.

දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා වූ චීන විදේශ ප්‍රතිපත්තියේ පදනම වන්නේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් ය. සහයෝගී, මිත්‍රශීලී ප්‍රතිපත්තියක් තුළ චීනය සිය විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවනු ලබයි. ඒ සඳහා වෙනත් රටවල් සමග බහු ආකරයෙන් ද්විපාර්ශ්වික සබඳතා ගොඩනගා ගැනේ. එමෙන්ම චීන ජනාධිපතිවරයා යහපත් ලෙස ඉහළ මට්ටමේ රාජ්‍ය සබඳතා ඇති කර ගැනීමට කටයුතු කරමින් සිටින නායකයෙකි. ඉහළ මට්ටමේ රාජ්‍ය සබඳතා පවත්වා ගෙන යාමේ දී රටක පාලකයින්ගේ නායකත්වය සහ මනා පෞරුෂය අත්‍යවශ්‍ය සාධකයකි. එය චීන ජනාධිපතිවරයා තුළ දැකිය හැකි බව ද හෙතෙම පවසයි.

ලෝකයේ ජාත්‍යන්තර සබඳතා අතර “එක් තීරයක් එක් මාවතක්“ වැඩසටහන හරහා ආසියානු කලාපයට සුවිශේෂී අවස්ථාවන් ගෙන දී තිබේ. ඒ හරහා ආසියානු කලාපයේ ආර්ථික ඉලක්කයන් සාක්ෂාත් වනු ඇත. එමෙන්ම සිය ආර්ථික ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ දී චීනය සිය දේශපාලන දැක්ම අන් රටවල් මත පැටවීමට උත්සාහ නොදරයි. එය වඩා හොඳින් ඉස්මතු වන අවස්ථාවක් වන්නේ BRICS සංවිධානය තුළ චීනයේ ‍යහපත් වූ ක්‍රියාකාරිත්වයයි. ඒ අනුව විශ්වීය විදේශ ප්‍රතිපත්තියක් තුළ චීනය සිය ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය ගොඩනගමින් සිටී. එහෙයින් ශ්‍රී ලංකාවට ද පවතින ආර්ථික තත්ත්වය හමුවේ චීනය සමග සබඳතා තරකර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව ද අශේන් අබේරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම