චීන ජනාධිපතිවරයා ගෙන් මෝල්ටාවේ ශාන්ත මාග්‍රට් මධ්‍ය විද්‍යාලයේ “චීන කවයේ” ගුරුවරුන්ට සහ සිසුන්ට ලිපියක්
2022-08-09 17:07:15
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, මෝල්ටාවේ ශාන්ත මාග්‍රට් මධ්‍ය විද්‍යාලයේ “චීන කවයේ” ගුරුවරුන්ට සහ සිසුන්ට ලිපියක් යොමු කරයි. චීනය සහ මෝල්ටාව අතර මානව හා සංස්කෘතික හුවමාරු වලට ක්‍රියාකාරීව සහභාගී වීමට හෙතෙම සිය ලිපිය මගින් මෝල්ටා තරුණයින් දිරිමත් කළේය.

මිනිසා සතුට සහ දුක බෙදා ගන්නා අතර අන්‍යෝන්‍ය උපකාර සහ සහයෝගිතාව හා පොදු ජයග්‍රහණයෙන් පමණක් මානව වර්ගයාට සංවර්ධනයේ ඵල බෙදා ගත හැකි බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. ගෝලීය සංවර්ධනයේ ගැටළු විසඳීම සඳහා, චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල, ගෝලීය සංවර්ධන මුලපිරුම සහ ගෝලීය ආරක්ෂක මුලපිරුම අනුපිළිවෙලින් යෝජනා කර, ප්‍රායෝගික ක්‍රියාවන් සමඟ මානව වර්ගයා සඳහා පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් පිළිබඳ සංකල්පය ප්‍රගුණ කර තිබේ. චීනය සහ මෝල‍්ටාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය මේ වසරේ සනිටුහන් කෙරේ. චීනය සහ මෝල්ටාව අතර මානව හා සංස්කෘතික හුවමාරු සඳහා වැඩි වැඩියෙන් මෝල්ටා ගුරුවරුන්, සිසුන් සහ තරුණයින් සක්‍රීයව සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව හෙතෙම පැවසීය.

ශාන්ත මාග්‍රට් මධ්‍ය විද්‍යාලය මෝල්ටාවේ විස්තීර්ණ පොදු පාසලකි. 2010 වසරේදී චීනයේ සහාය ඇතිව "චීන කවය" එහි ස්ථාපිත කෙරිණ. මීට පෙර, එම පාසලේ චීන කවයේ ගුරුවරුන් සහ සිසුන් චීන සංස්කෘතියට ඇති ආදරය සහ මෝල්ටාව සහ චීනය අතර සංස්කෘතික හුවමාරුව සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට කැමැත්ත පළ කරමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යොමු කර තිබිණ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම