වාණිජ චන්ද්‍රිකා තුනක් උඩු ගුවනට
2022-08-09 17:49:54
Share with:

චීන  CERES-1 Y3 ‍ප්‍රවාහක රොකට්ටුව මගින් වාණිජ චන්ද්‍රිකා තුනක් නිකුත් කෙරේ. ජියුචුවන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ‍එම චන්ද්‍රිකා උඩු ගුවනට යැවිණ. චන්ද්‍රිකා තුනෙන් දෙකක් වාණිජ මට්ටමෙන් දුරස්ථ සංවේදී සේවා සපයනු ඇත.ධ්‍රැවීය කැමරා තාක්ෂණය සඳහා සෙසු චන්ද්‍රිකාව මගින් බහුවිධ දුරස්ථ සංවේදී තාක්ෂණය සැපයේ. CERES-1 Y3 ‍ප්‍රවාහක රොකට්ටුව ඝන ඉන්ධන භාවිත රොකට්ටුවක් වන අතර එය බෙයිජිං අධි තාක්ෂණ සමාගමක් විසින් සංවර්ධනය කර තිබේ. ක්ෂුද්‍ර චන්ද්‍රිකා කක්ෂ ගත කිරීමට ‍එම රොකට්ටුවට හැකියාව ඇත.මෙවර සිදු කෙ‍රුණේ එම මාදිලියේ තුන්වෙනි ගමනයි.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම