ඇමරිකාවේ පවා දෝෂ දර්ශනයට ලක්ව ඇති නැන්සි පෙලෝසිගේ වැරදි ක්‍රියා කලාපය
2022-08-08 21:12:30
Share with:

         

පසුගිය දා ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosi චීනයේ තායිවාන ප්‍රදේශයේ සංචාරයක නිරත වීමෙන් චීනය හා ඇමරිකාව අතරත් චීන මහ ගොඩබිම හා තායිවාන ප්‍රදේශය අතරත් මහ කැළඹිලි සහගත තත්ත්වයක් මතු ව තිබේ. Nancy Pelosi ගේ එම ක්‍රියාකලාපය චීනයේ පමණක් නොව ඇමරිකානු ජාතිකයන්ගේ ද ‍දෝෂාරෝපණයට ලක් ව ඇත.

        පසුගිය 5වැනි දා ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමරිකානු මාධ්‍යවේදීන් Nancy Pelosiගේ තායිවාන සංචාරය පිළිබඳව ප්‍රශ්න කර තිබේ. දැනට බරපතල ලෙස පළුදු වී ඇති ඇමරිකානු-චීන සබඳතාවට Nancy Pelosi වග කිව යුතු බව එම මාධ්‍යවේදීන්ගේ මතයයි. එමෙන් ම ඔවුන් එහිදී කියා සිටියේ Nancy Pelosi ගේ තායිවාන සංචාරය තායිවාන සමුද්‍ර සන්ධි ප්‍රදේශයේ තත්ත්වය තව තවත් උග්‍ර වීමට සෘජුව බල පා ඇති බවයි.

        Nancy Pelosi තායිවානයේ සංචාරය කළේ ප්‍රජාතන්ත්‍රවාදය මුවාවෙනි. එහෙත් ඇයගේ ක්‍රියාකලාපයෙන් සිදුව ඇත්තේ  එම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම නොව ප්‍රජාතන්ත්‍රවාදය පාගා දැමීම පමණි. තායිවාන ප්‍රශ්නයේදී බිලියන 1.4ක් චීන ජනතාවගේ ස්ථාවරය ඉතා පැහැදිලි ය. එම ස්ථාවරය වන්නේ චීනයේ දේශ භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් වශයෙන් තායිවානයට ස්වාධීන වීමට කිසි ලෙසකින් ඉඩ නොතැබීම ය. Nancy Pelosi ප්‍රජාතන්ත්‍රවාදයට සැබවින් ගරු කරන්නේ නම් ලොව සමස්ත ජනගහණයෙන් පහෙන් එකක් ගන්නා චීනයේ එම ස්ථාවරයට ගරු කළ යුතුව තිබිණ.

 

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම