Nancy Pelosi චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීමට එරෙහිව චීනයෙන් ඇමරිකාවට අඛණ්ඩ විරෝධය
2022-08-08 19:33:46
Share with:

Nancy Pelosi චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීමට එරෙහිව චීනය ඇමරිකාවට අඛණ්ඩව වි‍රෝධය පළ කරනු  ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි.

Nancy Pelosi චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීමට එරෙහිව චීනය ප්‍රතිවිරෝධී පියවර ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව මෙන්ම, චීන-ඇමරිකා සංවාදය සහ සන්නිවේදනය සම්බන්ධ ගැටළු පිළිබඳ ප්‍රශ්නවලට, චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද(8) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දැක්වීය.

Wang Wenbin මහතා එහිදී සඳහන් කළේ, සංවාදයට සහ සන්නිවේදනයට අවංකත්වය අවශ්‍ය වන බවයි.තායිවාන බෙදුම්වාදී බලවේගවලට අනුබල දීම සහ සහාය දීම නතර කරන ලෙසට චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

ඇමරිකාව "තායිවාන කාඩ්" ක්‍රීඩා‍  කිරීම සහ තායිවාන ප්‍රශ්නය මගින් චීනයට  බලපෑම් කිරීම නතර කළ යුතු බවත්, ප්‍රායෝගික ක්‍රියාවන් සමඟ එකම චීනය යන මූලධර්මය සහ චීන-ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුන අනුගමනය කළ යුතු බවත්, Wang Wenbin මහතා එහිදී නැවතත් අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම