චීන රජය Xinjiang උයිගුර් ස්වායත්තය පාලනය කරන උපායමාර්ගය ඉස්ලාමීය රටවල රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් ගේ ඉහළ ඇගයීමට
2022-08-08 21:08:05
Share with:

පසුගිය 1වැනිදා සිට 5වැනිදා තෙක්, චීනයේ ඉස්ලාමීය රටවල රාජ්‍යතාන්ත්‍රික නියෝජිත කණ්ඩායමක්, ආරාධනාවට අනුව චීන Xinjiang උයිගුර් ස්වායත්තයේ සංචරයක් නිරත වූහ.

ඇල්ජීරියාව, මොරිටේනියාව, සෞදි අරාබිය සහ පාකිස්ථානය යන චීනයේ සිටින ඉස්ලාමීය රටවල් 30ක තානාපති හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහූ ඊට එක් වූහ.

මෙම සංචාරය පිළිබඳ විස්තර කරමින්, චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා පෙන්වා දුන්නේ, ජනතාව කේන්ද්‍ර කරගත් Xinjiang උයිගුර් ස්වායත්තය පාලනය කිරීමට චීන රජය අනුගමනය කරන උපායමාර්ගය මෙම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් ‍ගේ ඉහළ ඇගයීමට ලක්වූ බවයි. එසේම Xinjiang හි ආර්ථික සංවර්ධනය සහ ජාතික සමගිය යන ක්ෂේත්‍රවල සංවර්ධනය‍‍ට චීනය රජය දැක්වූ විශාල උත්සාහයන් හා ලබා ගත් ඵලදායී ප්‍රතිඵල ද, ඉස්ලාමීය රටවල රාජ්‍යතාන්ත්‍රික  නියෝජිතයෝ ඉහළින් අගය කළහ.

Xinjiang හි සංචාරයක නිරත විදේශ නියෝජිත පිරිස් මෙවැනි ප්‍රශංසා පළ  කළ පළමු අවස්ථාව මෙය නොවන බව ද Wang Wenbin මහතා සඳහන් කළේ ය.

Xinjiang හි මානව හිමිකම් සහ ආගමික නිදහස් තත්ත්වය යහපත් බව Xinjiang වැසියන්ට මනාව පැවසිය හැකි ය. ජාත්‍යන්තර ප්‍රජාව ද එය දැක ඇත.

2018 වසරේ දෙසැම්බර් මාසයේ සිට, 100කට වැඩි රටවල් හා කලාපවලින් පැමිණි බහු ක්ෂේත්‍රවල නියෝජිතයෝ 2000කට වැඩි පිරිසක් චීන Xinjiang හි සංචාරය නිරත කළහ. Xinjiang හි සමාජ සන්සුන් භාවය සහ ජනතාව ගේ සතුට පිළිබඳ සත්‍යය ඔවුන් දැක ඇත.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම