සොඳුරු නර්තනවේදිනියකගේ නොබිඳුණු ආත්ම ධෛර්යය
2022-08-07 20:02:46
Share with:

Hong Chenlin නර්තනයට බොහෝ සෙයින් ආදරය කළ යුවතියක්. මීට වසර 10 කට පෙර, රිය අනතුරකට ලක් වූ ඇය, අධි අංශභාගයට ගොදුරු වුණා. මුළු දිවිය පුරා ඇය දුටු විශිෂ්ට නර්තනවේදිනියක වීමේ සිහිනය එතැන් සිට බොඳ වී ගියේ අනපේක්ෂිත අයුරින්. දැනට 35 වැනි වියේ පසු වන Hong Chenlin  තම සිහිනය යළි හඹායමින් සිටිනවා. පසුගිය අප්‍රේල් මාසයේ සිට, ඇය නර්තන ගුරුවරියක ලෙස යළි පෙනීසිටියා. දරුවන්ට ජීවිතය පිළිබඳ චිත්ත ධෛර්යය ප්‍රත්‍යක්ෂ කරවීම ඇ‍ගේ පරම අපේක්ෂාවයි. රෝද පුටුවේ වාඩි වී සිටිය ද, ඇය අපට කියාදෙන්නේ කිසිවිටක අත්නොහළ යුතු,  ජීවිතයේ අපූර්වත්වයයි.

නර්තන කාමරයේ දී, දරුවන්ට නර්තන ඉරියව් පෙන්වීමට නොහැකි වුණත්, ඔවුන්ගේ ඉරියව් Hong Chenlin කාරුණික ව නිවැරදි කරනවා. තමන්ගේ වෘත්තීය දැනුම දරුවන් සමග බෙදා ගැනීමට ඇය තුළ පවතින්නේ ඉහළ උනන්දුවක්.

රෝද පුටුව මත හිඳින Hong Chenlinගේ සිනාමුසු මුහුණ, ආත්ම විශ්වාසය මෙන්ම සියලු අභියෝග දරාගන්නා උපේක්ෂාව පිළිබඳ කැඩපතක් බඳුයි. නර්තනය, ඇගේ පෙර ජීවිතය ආලෝකවත් කළ කුසලතාවක්. දැන්, ඇය තම ජීවිත පරිඥානය  නර්තනයෙන්ම විදහා දක්වන අයුරු විස්මිතයි.

‘ ජීවිතයේ, විවිධ අසීරුතාවන්ට අපට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. උපේක්ෂාවෙන් ඊට මුහුණ දිය හැකිනම්, තමන්ගේ සිහින දිගටම හඹායන්න පුළුවන්. ඒ තමයි, අපේ ජීවිතයේ සුන්දරම ස්වරූපය ’ Hong Chenlin හැඟුම්බරව පවසනවා.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම