සම්භාව්‍ය චීන සිතුවම් කලාවේ අග්‍රඵලයක් වන "බටහිර විලේ දර්ශනය"
2022-08-06 19:14:32
Share with:

2016 වසරේ පැවති G20 සමුළුවට එක් වූ ලෝක නායකයන්ගේ සමූහ ඡායාරූපයේ පසුබිම් සිතුවම බවට පත්ව තිබුණේ චීනයේ සුප්‍රකට "Scenery of the West Lake" හෙවත් ‘බටහිර විලේ දර්ශනය’ නමැති දැවැන්ත කලා කෘතියයි.

දිගින් මීටර් පහක් සහ පළලින් මීටර දෙකක් වූ මේ සිතුවම චීන සිතුවම් කලාවේ අග්‍රගණ්‍ය නිර්මාණයක් ලෙස සැලකේ.  1937 දී Zhejiang පළාතේ Hangzhou හි උපත ලද සම්භාව්‍ය චීන චිත්‍රකලාවේදී Chen Jialing  සිතුවම් කළ මෙම නිර්මාණය නවීන යුගයේ චීන තීන්ත පින්තාරු කිරීමේ ශිල්පීයත්වය ලොවට කියාපායි. ඔහු තීන්ත පින්තාරු ක්‍රමයේ පුරෝගාමී කලාකරුවෙකි.

බටහිර විලෙහි අද්විතීය සෞන්දර්යය මේ විශිෂ්ට සිතුවමෙහි ගැබ් ව පවතී. සියවස් ගණනක පරිකල්පනීය පොහොසත්කම සහ සංස්කෘතික හරපද්ධතීන් චිත්‍රකලාවේදී චෙන් චෙන්ගේ ශිල්පීයත්වය හා මනා වර්ණ භාවිතය ඔස්සේ ජීවමාන වී ඇත. 1980 ගණන්වල සිට චෙන් ජියාලිං නෙළුම් පින්තාරු කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය බිඳ දමා අද්විතීය "චෙන් නෙළුම් කලාවක්" හඳුන්වා දීමෙහි සමත් විය.

මෙවැනි සම්භාව්‍ය චීන කලා නිර්මාණ වඩාත් පිළිගැනීමට ලක්වන විට, චීන චිත්‍ර කලාව තවදුරටත් ලොව ජනප්‍රියත්වයට පත්වනු ඇත.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම