"සාමය ප්‍රවර්ධනය කිරීම" ගැන කතා කරන ඇමරිකාවම තම සංයුක්ත ක්‍රියාවලින් සාමය අඩපණ කරයි
2022-08-06 17:03:14
Share with:

ඇමරිකානු කොංග්‍රස් සභාවේ කථානායිකා නැන්සි පෙලෝසි මෑතකදී චීන තායිවානයේ කළ සංචාරයේදී කියා සිටියේ, තමන් "කලාපයේ සාමය ප්‍රවර්ධනය කරන" බවයි. එසේම, G7 විදේශ ඇමතිවරු ඊනියා ප්‍රකාශයක් නිකුත් කරමින්, චීනයේ නීත්‍යනුකූල ප්‍රතිප්‍රහාර කලාපීය ආතතීන්ට තුඩු දිය හැකි බවට හෙළාදකිමින්, "සමුද්‍ර සන්ධියේ මතභේද සාමකාමී ආකාරයකින් විසඳාගත යුතු" බව කියා සිටියහ. 

මේ දිනවලදී, ලොව පුරා රටවල් 100 කට අධික සංඛ්‍යාවක් එකම චීනය මූලධර්මය කෙරෙහි තම එකඟතාව ප්‍රකාශ කරමින්,  ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනයට සහාය දක්වා ‍තිබේ.

පෙලෝසිගේ චීන තායිවාන සංචාරය ඇමරිකාව විසින් සැලසුම් කෙරුණු උසිගැන්වීමේ ක්‍රියාවකි. "තායිවානය හරහා චීනය පාලනය කිරීමට" උත්සාහ කිරීම ඇමරිකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රකෝප කිරීමේ පියවරකි. තායිවාන සමුද්‍ර සන්ධි දෙපස තත්ත්වය උත්සන්න වීමේ සත්‍යය ජාත්‍යන්තර ප්‍රජාවට මනාව පැහැදිලි වී ඇත.

චීනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව බරපතල ලෙස උල්ලංඝනය කරන මෙම ක්‍රියාව ජාත්‍යන්තර නීති සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරන සම්මතයන් බරපතල ලෙස උල්ලංඝනය කරයි. තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සාමය බිඳවැටීමේ තත්වය උත්සන්න වීම  පිළිබඳ වගකීම ඇමරිකාව සම්පූර්ණයෙන් භාර ගත යුතුය.

ඉතා අවංකව සහ උපරිම උත්සාහයෙන් සාමකාමීව යළි එක්වීම සඳහා උත්සාහ දැරීමට චීනය කැමැත්තෙන් සිටී. කෙසේ වෙතත්  චීනය කිසිවිටෙකත් "තායිවානයේ ඊනියා ස්වාධීනත්වය" සඳහා කිසිදු ආකාරයක ඉඩක් නොතබයි.

බටහිර රටවල් කිහිපයක් මහජන මතය හැසිරවීමට උත්සාහ කළ කාලය දැන් ගෙවී ගොස් තිබේ. ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීන ජනතාවගේ අධිෂ්ඨානය පර්වතයක් මෙන් දැඩි වන අතර, කලාපීය හා ලෝක සාමය ආරක්ෂා කිරීම සඳහා ඔවුන් නොසැලී එක්වනු ඇත. චීනයේ මූලික අවශ්‍යතාවන් සහ කලාපීය සාමයට වින කිරීමේ ක්‍රියාව වෙනුවෙන් ඇමරිකාව වන්දි ගෙවන බව නිසැකය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම