ඇමරිකාවේ ජාතික විශ්වසනීයත්වය දුර්වල කළ නැන්සි පෙලොසිගේ සැබෑ අරමුණ සැඟවිය නොහැකිය
2022-08-05 11:04:49
Share with:

එකම චීනය මූලධර්මයට අභියෝග කරන ඇමරිකාව දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදෙනු ඇත.

ඇමරිකානු කොංග්‍රසයේ කථානායිකා නැන්සි පෙලොසි ගේ චීන තායිවාන සංචාරය අතරතුර, ඊනියා“තායිවාන සම්බන්ධතා පනත” ප්‍රයෝජනයට ගනිමින් ඇය පැවසුවේ, ඇමරිකාව තායිවානය සමඟ එක්ව සිටින බවට දැඩි ප්‍රතිඥාවක් ලබාදෙන බවයි.

එහෙත් ඇය සඳහන් කළ ඊනියා "පනත”සහ "ප්‍රතිඥා" ඇමරිකාව විසින් ඒකපාර්ශ්විකව සකස් කරන ලද්දකි. එය චීන-ඇමරිකානු ඒකාබද්ධ නිල නිවේදන තුනෙහි ඇමරිකාව ලබා දුන් ප්‍රතිඥාව කඩකිරීමක් වන අතර, ජගත් ප්‍රජාව පොදුවේ පිළිගන්නා එකම චීනය මූලධර්මය දැඩිව උල්ලංඝනය කිරීමකි. සටකපටභාවයෙන් යුතුව, තම පෞද්ගලික වාසි සඳහා ඇමරිකාවේ ප්‍රතිඥා අයුතු ලෙස විනාශ කරමින්, එරට ජාතික විශ්වසනීයත්වය දුර්වල කළ ඇගේ සැබෑ අරමුණ ආවරණය කළ නොහැකි ය. කෙතරම් සමාව ඉල්ලා සිටියද, නැන්සි පෙලොසි තායිවාන් සමුද්‍ර සන්ධිය දෙපසේ සාමයට මෙන්ම චීන-ඇමරිකානු සබඳතාවට හා ජාත්‍යන්තර පර්යායට කර ඇති බරපතල හානිය වෙනස් කළ නොහැකිය. ඇගේ ක්‍රියාකලාපය කොතෙක් සැරසීමට උත්සාහ කළත්, "ආත්මාර්ථකාමී කාන්තාවක", චීන-ඇමරිකානු සබඳතාවට "බාධා ඇති කරන්නියක" සහ තායිවාන් සමුද්‍ර සන්ධි දෙපසේ සාමය සහ ස්ථාවරත්වය "දැඩිව වනසා දමන්නියක" ලෙස ඇගේ සැබෑ ස්වරූපය සැඟවිය නොහැකිය.

තායිවානය යනු චීනයේ තායිවානය වන අතර එය චීන මාතෘභූමියට යළි එක්වනු ඇත. දේශපාලන විහිළුවක් වන නැන්සි පෙලොසි ගේ සංචාරය මගින් එම ඓතිහාසික ප්‍රවණතාව වෙනස් කළ නොහැකිය. එසේම, එකම චීනය මූලධර්මය අභියෝගයට ලක්කිරීමට ඉඩ නොදෙන චීන ජනතාවගේ ජාතික ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම පිළිබඳ අධිෂ්ඨානය කිසිසේත් වෙනස් නොවනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම