යල කන්නයේ වී අස්වනු සඳහා රජයෙන් උපරිම මිලක්
2022-08-05 16:28:29
Share with:

මෙවර යල කන්නයේ වී අස්වනු මිලට ගැනීම සඳහා යෝජිත මිල ගණන් තීරණය කෙරේ. ඒ, ඊයේ (4) පැවති කෘෂිකර්ම අමාත්‍යාංශ මිල කමිටු රැස්වීමේ දීය.

ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120 කටද, සම්බා හා කැකුළු වී කිලෝවක් රුපියල් 125 කටද, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130 කටද මිලදී ගැනෙනු ඇතැයි  කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ගොවි ජනතාවට ඉහළ මිලක් සැපයීමත්, සහල් නිෂ්පාදනයට වී අලෙවි මණ්ඩලය ඉදිරිපත්වීම මගින් වෙළෙඳපොළේ සහල් මිල පාලනයත් මෙමගින් අපේක්ෂිතයි. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම