ජී-7 කණ්ඩායම චීන තායිවාන ප්‍රදේශය පිළිබඳව පළ කළ සාවද්‍ය නිවේදනය වෙනුවෙන් ජපානය පෙනීසිටීම සම්බන්ධයෙන් චීනයේ අදහස් පළ වේ
2022-08-05 16:56:51
Share with:

ජී-7 කණ්ඩායම චීන තායිවාන ප්‍රදේශය පිළිබඳව පළ කළ සාවද්‍ය නිවේදනය වෙනුවෙන් ජපානය පෙනී සිටීම සම්බන්ධයෙන්, චීනය තම ඍජු අදහස් පළකරයි.

චීන උප විදේශ අමාත්‍ය Deng Li මහතා, චීනයේ ජපාන තානාපති Tarumi Hideo මහතා ඊයේ(04) කැඳවූ අවස්ථාවේ මේ බව පැවසීය. ජී-7 කණ්ඩායමට අයත් රටවල විදේශ අමාත්‍යවරුන් හා යුරෝපා සංගම් රාජ්‍ය තාන්ත්‍රික හා ආරක්ෂක ප්‍රතිපත්තීන් පිළිබඳ උසස් පෙළේ නියෝජිතයන් විසින් නිකුත් කෙරුණු තායිවානය සම්බන්ධ සාවද්‍ය නිවේදනයට පටහැණි ව චීන උප විදේශ අමාත්‍යවරයා ජපාන තානාපති හමුවේ අදහස් පළකළේ ය.

ඔහු සඳහන් ක‍ළේ, තායිවානය යනු චීනයේ අවියෝජනීය කොටසක් බවයි. තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තකි. Nancy Pelosi චීනයේ විරෝධය නොතකා සිය අභිමතය පරිදි තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීම එකම චීනය ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමකි. චීනයේ ස්වෛරීභාවය හිතාමතාම උල්ලංඝනය කරමින් ඇය චීන ජනතාවගේ දැඩි කෝපය ඉස්මතු කර ඇත. ජගත් ප්‍රජාවේ පොදු විරෝධයට ද එය ලක් වී තිබේ.

තායිවානය පිළිබඳ මාතෘකාව චීනය හා ජපානය අතර දේශපාලන පදනම හා දෙරට අතර පවතින විශ්වසනීයත්වය හා බැඳුණු කරුණක් බව Deng Li මහතා අවධාරණය කරයි. චීන-ජපාන දේශපාලන ලියවිලි 4 හා තායිවානය කෙරෙහි ලබා දුන් දේශපාලන ප්‍රතිඥා අනුගමනය කරන්නැයි චීනය ජපානයෙන් දැඩි ලෙස ඉල්ලා සිටී. චීනයේ අභ්‍යන්තර කටයුතුවලට අනිසි බලපෑම් එල්ල නොකර වැරදි දිශාවට අඛණ්ඩ ව ගමන් කිරීම නතර කරන ලෙසට ද චීනය ජපානයෙන් යළි ඉල්ලා සිටින බව ද Deng Li මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම