කිසිදු රටක ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීමට වෙනත් කවර හෝ රටකට අයිතියක් නැහැ
2022-08-04 16:34:51
Share with:

කිසිදු රටක ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීමට වෙනත් කවර හෝ රටකට අයිතියක් නොමැති බව කාලීන තොරතුරු විචාරක, දේශපාලන උපදේශිකා ශිරාණි පෙරේරා මහත්මිය පවසයි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් ගෙන් ද නියම කර ඇති එම මූලධර්මයන්ට පටහැනිව ක්‍රියා කිරීම කිසිදු ආකාරයකින් පිළිගත නොහැකි කරුණකි. ඇමරිකා කොංග්‍රස් මණ්ඩල කථානායිකා නැන්සි පෙලොසි චීනයට අයත් භූමියක චීනයේ අවසර‍යකින් තොරව ඒකපාර්ශ්වික අයුරෙන් සංචාරය කිරීම පෙර සඳහන් කළ මූලධර්මයන් උල්ලංඝනයක් ලෙසට සැලකිය හැකිය. එම සංචාරය සම්බන්ධයෙන් පළව ඇති ජගත් විරෝධයෙන් එය මනාව පැහැදිලිවන බවද ඇය සඳහන් කරයි. මෙවැනි පියවරයන් අන්තර් ජාතික පටිපාටියට පහරක් වන අතර එය වැරදි පූර්වාදර්ශයකි. ඇමරිකාව වැනි වගකිව යුතු රටක් මෙම අන්තර් ජාතික මූලධර්මයන් ආරක්ෂා කිරීමට බැඳී සිටිය යුතුය. මෙවැනි ප්‍ර‍කෝපකාරී ක්‍රියා මගින් කලාපීය වශයෙන් පමණක් නොව සමස්ත ‍ගෝලීය වශයෙන් දේශපාලන මෙන්ම යුධමය ක්ෂේත්‍රයේ ද කැළඹිලි ඇති කරවන බව ශිරාණි පෙරේරා මහත්මිය පෙන්වා දෙයි. එබැවින් අනාගතයේ දී යළි මෙවැනි දේ සිදු නොවීමට වග බලා ගැනීම ඇමරිකාවේ වගකීමක් මෙන්ම යුතුකමක් බවද ඇය කියා සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම