නැන්සි පෙලොසිගේ චීන තායිවාන සංචාරයේ ප්‍රතිවිපාකවල වගකීම ඇමරිකානු පාර්ශ්වය දැරිය යුතුයැයි චීනය කියයි
2022-08-04 19:38:36
Share with:

නැන්සි පෙලොසි චීන තායිවාන ප්‍රදේශයේ කළ සංචාරය නිසා උද්ගත විය හැකි ඕනෑම තත්ත්වයක වගකීම ඇමරිකානු පාර්ශ්වය දැරිය යුතුයැයි චීනය කියාසිටී.  

අද  (4) පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය වාර්තාකරුවෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පෙන්වා දුන්නේ, පෙලොසි තායිවානයේ සංචාරය කිරීම පිළිබඳ චීන රජයේ විරෝධය කිහිප වරක්ම ප්‍රකාශ කර ඇති බවයි.එම සංචාරය සිදුවුවහොත් ඉන් එකම චීනය ප්‍රතිපත්තිය මෙන්ම, චීනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව බරපතල අයුරින් උල්ලංඝනය වන බව චීනය පෙන්වා දී තිබිණ. ඊට ප්‍රතිචාර ලෙස චීනය බලවත් පියවර  යොදා ගන්නා බව ද ප්‍රකාශ කර තිබිණ. මේ නිසා ඉන් අත්වන ඕනෑම ප්‍රතිඵලයක් ඇමරිකාව දැරිය යුතුය.

 තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසකි.චීන හමුදාව යුදමය පුහුණු පැවැත්වීම ජාතික ස්වාධීනත්වය සහ දේශයේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය හා යුක්ති සහගත පියවරක් බව Hua Chunying  මහත්මිය යළි අවධාරණය කළාය.චීනයේ මෙම ක්‍රියාව ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර භාවිතයට අනුකූල වන බව ද ඇය පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම