සියලුම චීන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල ඒකාබද්ධ ප්‍රකාශය
2022-08-04 20:39:25
Share with:

චීනයේ දැඩි විරෝධය නොතකා, ඇමරිකා කොංග්‍රස් සභා කථානායිකා නැන්සි පෙලෝසි අගෝස්තු 2දා චීනයේ තායිවාන ප්‍රදේශයේ සංචාරය කළාය. චීනයේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මීට දැඩි ලෙස විරුද්ධ වූ අතර, එය තරයේ හෙළාදකින බව ප්‍රකාශ කළහ.

චීන ලක්ෂණ සහිත සමාජවාදය ක්‍රියාත්මක කරන පක්ෂ ලෙස, සියලුම චීන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ජාතික ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීන රජය විසින් ගනු ලබන සියලුම අවශ්‍ය ක්‍රියාමාර්ගවලට දැඩි ලෙස සහාය දක්වයි.

චීනය දෙකඩ කිරීමට දරන සියලු උත්සාහයන්ට සහ භාවිතයන්ට, චීනයේ සාමකාමී යළි එකමුතු කිරීමේ ක්‍රියාවලියට බාහිර මැදිහත්වීම්වලට සහ තායිවාන ප්‍රශ්නයට ඕනෑම රටක මැදිහත්වීමට තරයේ විරුද්ධ වන බව ද ඒකාබද්ධ ප්‍රකාශය සවසයි.

ඉතිහාසයේ ප්‍රවණතාවයට එරෙහිව ගොස් චීනය සම්පූර්ණයෙන් යළි එක්සත් කිරීමට සහ චීන ජාතියේ මහා පුනර්ජීවනයට බාධා කිරීමට දරන ඕනෑම උත්සාහයක් අසාර්ථක වනු ඇතැයි ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් වෙයි.

සමස්ත චීන තායිවාන සහකරු සංගමය නිවේදනයක්ද නිකුත් කරමින් නැන්සි පෙලෝසිගේ තායිවාන ප්‍රදේශයේ සංචාරයට දැඩි ලෙස විරුද්ධ වෙයි .

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම