චීන සහ ජපාන විදේශ අමාත්‍යවරුන් නොම් පෙන් හිදී හමුවීමක් මේ වන තෙක් සැලසුම් කර නැතැයි චීනය කියයි
2022-08-04 19:25:07
Share with:

චීන සහ ජපාන විදේශ අමාත්‍යවරුන් නොම් පෙන් හිදී හමුවීමක් මේ වන තෙක් සැලසුම් කර නොමැති බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද (4) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.

ජපානය, G7 රටවල් සහ යුරෝපා සංගමය එක්ව චීනයට අසාධාරණ ලෙස චෝදනා කරමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඒ ‍හේතුවෙන් චීන සහ ජපාන විදේශ අමාත්‍යවරුන් අතර නොම් පෙන් හිදී හමුවක් පැවැත්වීමට චීනය තවදුරටත් කටයුතු නොකරනු ඇති බව ද ඇය පැවසුවාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම